බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලදිවයින් ජනපති දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට: ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට අවබෝධතා ගිවිසුම් රැසක්

by editor
මැයි 3, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු දෙදින රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් අද (03) පස්වරුවේ දිවයිනට ළඟා විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මහත් හරසරින් පිළිගනු ලැබිණි. විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් මසූඩ් ඉමාඩ් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මාලදිවයින් ජනාධිපතිවරයා වෙනුවෙන් මෙහිදී විශේෂ උත්තමාචාරයක් ද පිළිගන්වන ලද අතර, සියලු ජාතීන් නියෝජනය වන පරිදි කුඩා දරු දැරියන් දෙරටේ ජාතික ධජ රැගෙන මග දෙපස රැඳී සිටිමින් ගෞරව දැක්වූහ.

මාලදිවයින් – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට 61 වසරක් සපිරෙන අවස්ථාවේ සිදු කෙරෙන මෙම සංචාරය සනිටුහන් කරමින් මාලදිවයින් ජනාධිපතිවරයා ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ සමරු ග්‍රන්ථයේ සටහනක් ද තැබීය. මොහොමඩ් මුයිසු 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදු කරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ආචාර්ය මොහොමඩ් මුයිසු පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරිම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින්, මෙම සංචාරය අතරතුරදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතව ඇත.

එමෙන්ම මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹදී පැවැත්වෙන විශේෂ ව්‍යාපාරික හමුවකට ද එක් වනු ඇත. ජනාධිපති මුයිසු සමඟ සජිදා මොහොමඩ් මැතිණිය සහ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 වුල්වර්හැම්ප්ටන් ආරාධනය ගැන යළිත් විධිමත්ව  යළිත් සාක්ෂි කැඳවන්න ලෙස CID ට කියන නීතිපති රනිල්ට නඩු දානවට අවුලෙන් ද?

Next Post

NDB බැංකු වංචාව ගැන විමර්ශනය කරන්න ජාත්‍යන්තර වෝහාරික පරීක්ෂණයක් ඉල්ලා රවීගෙන් ජනපතිට ලිපියක්!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.