බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අපේ එකා හින්දා කියනවා නෙවෙයි; අනුර විශ්මිතයි.. මේ හැකියාව මීට කලින් යන්තමින් හරි තිබුණේ රනිල්ට විතරයි!” – ලාල් කාන්ත කියයි…

by editor
මාර්තු 27, 2026
in පුවත්
Ranil-Anura

Screenshot

Share on FacebookShare on Twitter
  • ආයෙ ඡන්දයකට ඉදිරිපත් වෙන්න අදහසක් ඇත්තෙම  නෑ… ඡන්ද බලාගෙන වැඩ කරන්නෙත් නෑ… ජනාධිපතිතුමා පවරපු වගකීම රට වෙනුවෙන් පුලුවන් උපරිමයෙන් කරනවා… ලාල් කියන කතාව අහන්න….

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති වරයෙක් ලෙස කටයුතු කරන විශ්මය ජනක හැකියාව ගැන තමන් කතා කරන්නේ “අපේ එකෙක්” නිසා නොවන බවත්, මින් පෙර මෑත ඉතිහාසයේ දී මෙවැනි කළමනාකරණ හැකියාවක් යම් තරමකින් හෝ පෙන්නූ ජනාධිපතිවරයෙක් වේ නම් ඒ රනිල් වික්‍රමසිංහ පමණක් බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය ලාල් කාන්ත ප්‍රකාශ කළේය.

විශේෂ යූ ටියුබ් සංවාදයකට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ මොහොතේ රටේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධව සියලුම දෙනාට ඉතාම හොඳ අවබෝධයක් ඇති නමුත් මතවාදීමය ලෙස  බෙදුනු සමාජයක විරෝධතා සහ විවේචන සහිත දේශපාලන මතවාද ඇතිවීම ඉතාම සාමාන්‍ය ස්වභාවයක් බවය. එහි කිසිම වරදක් නොමැති බව ද ලාල් කාන්ත ඇමතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඔහු අවධාරණය කළේ ජනාධිපතිවරයා විසින් පැවරූ රාජකාරිය මේ මොහොතේ හැකි උපරිමයෙන් රට වෙනුවෙන් කරනවා හැර නැවත එන ඡන්දයක් සම්බන්ධව තමන් යම් පමණකින් හෝ නොසිතන බවය. නැවත ඡන්දයකට ඉදිරිපත් වීමේ අභිලාෂයක් ද තමන්ට නොමැති බව කී ලාල් කාන්ත ඇමතිවරයා නැවත ඡන්දය ලැබෙනවා ද, නැද්ද යන්න වැඩකටම නැති දෙයක් බවත්, ඡන්දයක් පැමිනුන හොත් ඒ මොහොතේ ඇතිවන තත්ත්වය මත කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා රජය තුළ කරන කාර්ය භාර්ය විස්තර කරමින් ලාල් කාන්ත ඇමතිවරයා මෙසේ පැවසුවේය.

මේ මොහොතේ ජනාධිපති තුමාගේ මැදිහත්වීම  මට නම් හිතාගන්න බැරි  තරමේ එකක්. මේ හැම එකකදිම… කැබිනට් මණ්ඩලයක් කැඳවලා අදාල යාන්ත්‍රණයන් හදලා සමහර ගොඩාක් දේවල් ජනාධිපති තුමාම හිතලා කරන වැඩ…

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

කිව්වට කමක් නෑ… සමහර දේවල්වලදි විශ්ව කර්මයෙක් වගේ වැඩ කරන ලක්ෂණයක් තියනවා. අපිටත් ආඩම්බරයි එහෙම කැබිනට් මණ්ඩලයක ඉන්න තිබ්බ එක.  මේ ඔක්කොම අස්සේ කෝල් එක දාලා අහනවා මොක ද ලාලා පෝර ප්‍රශ්නය කියලා.  එහෙම අහපු වෙලාවක තමයි මම කිව්වේ අපි පොහොර සමාගම් ඔක්කොම ගෙනල්ලා ඔබතුමා අපිට දෙන්න පැය බාගයක්වත් කතා කරන්න කියලා.

ඒකත් දෙනවා. හැම දේටම මැදිහත් වෙමින් සියල්ල කළමනාකරණය කරන්න මග පෙන්වනවා.

මම මේ අපේ මිනිහා හින්දා කියනවා නෙමෙයි.  මම හිතන්නේ නෑ මෙහෙම ජනාධිපති කෙනෙක් හිටියා කියලා. මීට කලින් මේ වගේ යම් හැකියාවක් තිබ්බා කියලා හිතනවා නම් අපි දන්න මෑත කාලෙයෙදි ඒ හැකියාව රනිල්ට ටිකක් තිබ්බා.

රාජපක්ෂලා ගැන මෛත්‍රීලා ගැන චන්ද්‍රිකාලා ගැන කතා කරන්නවත් අවශ්‍ය නෑ. අපේ රටට මේ ආපු තත්ත්වයන් උඩදි ඉතා මැනවින් ජනාධිපති තුමා තමන්ගේ සුවිශේෂී හැකියාව අපිටත් පෙන්නලා තියනවා. අපේ රාජ්‍ය නිලධාරීන්ටත් පෙන්නලා තියනවා. රටටත් පෙන්නලා තියනවා. ලෝකයටත් පෙන්නලා තිනයනවා.

ඒ නිසා අපට මේ ඇතිවෙලා තියන තත්ත්වය කළමනාකරණය කරගෙන ඉදිරියට රට ගොඩනැනෙ වැඩසටහන කරගෙන යන්න පුලුවන් කියන අසීමිත විශ්වාසයක් තියනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්ධන බදු සහන දෙන්න ඉන්දියාව ඉන්දීය රුපියල් ට්‍රිලියන 1.55ක  ආදායමක් කැප කරයි!

Next Post

අඹේපුස්සෙදී ජංගම ඩීසල් පිරවුම්හලක් කොටු වෙයි: වැඩි මිලට තෙල් විකුණූ අයෙක් අත්අඩංගුවට!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.