බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊලඟ නැවතුම 140… ඉරාන කතානායක  ගලිබාෆ් තෙල් මිල ගැන  ට්‍රම්ප්ට සමච්චල් කරමින් කියයි!

by editor
අප්‍රේල් 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

කිඹුලා කනවා ඉවසිය හැකිය. කොහිල කටු අනනිවා  ඉවසන්නට බැරිය. එහෙම කීවේ අපේ මුත්තලා තියුණු උපහාසය දරා ගන්නට බැරි බව කියන්නටය.

ඉරාන කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ්ය.   වසර ගණනාවකට පසු අද  ලෝක වෙළෙඳපලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 ඉක්මවා ගිය පසු ට්‍රම්ප් පරිපාලනය දැඩිව උපහාසයට ලක් කරමින් ගලිබාෆ් සිය එක්ස් ගිනුමේ මෙසේ ලිවේය.

“ මීලඟ නැවතුම ඩොලර් 140…”

ඉරාන නෞකා වළක්වමින් ට්‍රම්ප් ගෙනයන බාධකයට පිළිතුරු සපයන ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් අනතුරුව ලෝක වෙළෙඳපලේ තෙල් මිල කටකතාවකටත් වෙනස්වන තත්ත්වයක් නිර්මාණය වී ඇත. අද  උදෑසන වන විට ගෝලීය මිණුම්දණ්ඩක් වන බ්‍රෙන්ට් (Brent Crude) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 126 දක්වා ඉහළ ගිය අතර, එය 2022 වසරෙන් පසු වාර්තා වූ ඉහළම මිල මට්ටමය. පසුව එම මිල ඩොලර් 120 සීමාවට මඳක් පහළින් ස්ථාවර  වූයේය.

ඇමරිකානු උපක්‍රම ගැන ගලිබාෆ් සමච්චල් කරන්නේ මේ පසුබිම දකිමිනි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ට්‍රම්ප්ගේ ‘පිපිරෙන තෙල් ළිං’ ප්‍රකාශයට ප්‍රතිප්‍රහාර

පසුගිය ඉරිදා ‘ෆොක්ස් නිව්ස්’ (Fox News) නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, ඇමරිකානු නාවික හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් ඉරානයට සිය තෙල් අපනයනය කිරීමට නොහැකි වන බවය. එහිදී තෙල් බැහැර කිරීමට නොහැකිව පද්ධතිය තුළ පීඩනය වැඩි වී, ඉරානයේ තෙල් ළිං සහ යටිතල පහසුකම් දින කිහිපයක් ඇතුළත ස්වයංක්‍රීයව ඇතුළතින් පිපිරී විනාශ වනු ඇති බවට ට්‍රම්ප් මතයක් ඉදිරිපත් කළේය.

“එය පිපිරී ගිය පසු කිසිදා පෙර තිබූ තත්ත්වයට පත් කළ නොහැකි වනු ඇතැයි” ඔහු එහිදී පවසා තිබුණි.

ගලිබාෆ් සිය ‘X’ ගිණුම හරහා ඊට පිළිතුරු  දුන්නේය.

“දින තුනක් ගත වී ඇතත්, කිසිදු තෙල් ළිඳක් පිපිරී ගියේ නැත. අපට මෙය දින 30ක් දක්වා වුවද දීර්ඝ කළ හැකි අතර, මෙහි සිටම එම තෙල් ළිඳ සජීවීව විකාශය (livestream) කළ හැකිය. තෙල් මිල ඩොලර් 120 සීමාවෙන් ඔබ්බට ඉහළ නැංවූ, ‘අවහිර කිරීමේ සිද්ධාන්තය’ (blockade theory) ඉදිරිපත් කරන බෙස්න්ට් වැනි පුද්ගලයන්ගෙන් ඇමරිකානු පරිපාලනයට ලැබෙන මෙවැනි උපදෙස් හුදෙක් ‘කුණු උපදෙස්’ (junk advice) පමණි. මීළඟ නැවතුම: 140 (ඩොලර්) ය. මෙහි ඇති ගැටලුව සිද්ධාන්තය පිළිබඳව නොව, ඔවුන්ගේ මානසිකත්වය පිළිබඳවයි.” ගලිබාෆ් කර්කශ උපහාසකයකින් කීවේය.

3 days in, no well exploded.We could extend to 30 and livestream the well here.
That was the kind of junk advice the US admin gets from people like Bessent who also push the blockade theory and cranked oil up to $120+. Next stop:140. The issue isn’t the theory, it’s the mindset.

— محمدباقر قالیباف | MB Ghalibaf (@mb_ghalibaf) April 29, 2026

වෙළඳපොළ හැසිරවීමේ චෝදනා

ඇමරිකානු පරිපාලනය හිතාමතාම යුද බිය පතුරවමින් තෙල් සහ බැඳුම්කර වෙළඳපොළ හසුරුවන බවට ද ගලිබාෆ් චෝදනා කළේය. ජනාධිපති ට්‍රම්ප් සිය ‘ටෘත් සෝෂල්’ (Truth Social) ගිණුමේ අලුයම තබන පණිවුඩ “යුද ලාභ වාදය ” (War profiteering) හෙවත් යුද්ධයෙන් අයුතු ලාභ ලැබීමේ  කොටසක් බවත්, ඒවා හුදෙක් ලාභ අපේක්ෂාවෙන්  සඳහා සිදුකරන වෙළඳපොළ හැසිරවීම් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර, ඇමරිකාවේ ඉන්ධන මිල දරාගත නොහැකි සේ ඉහළ යමින් ඇත. මේ වනවිට එරටේ  සාමාන්‍ය ගැසොලින්   ගැලුමක මිල  ඩොලර් 4.30 දක්වා ඉහළ ගොස් ඇත. එය 2022 වසරෙන් පසු එරට වාර්තා වූ ඉහළම මිලය.

යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඇමරිකාවේ ඉන්ධන මිල 44% කින් පමණ ඉහළ ගොස් ඇති බව AAA ඉන්ධන මිල දර්ශක වාර්තා පෙන්වා දෙයි. ඇමරිකානු ජනාධිපතිවරයාට බ්‍රහස්පතින්දා දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිත ඉරානයට එරෙහි නව හමුදා සැලසුම් හේතුවෙන් ඉදිරි දිනවලදී මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ බිය පළ කරති.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්ත්‍රී අර්චුනාට කිසිම බුරුලක් එපා… රටේ නීතිය හරියටම ක්‍රියාත්මක කළ යුතුයි… කථානායක කියයි!

Next Post

ඇමරිකාව තිගස්වන ඉරානයේ රහස් අවිය: හෝම්ස් සමුද්‍ර සන්ධියේ අලුත්ම තර්ජනය ගැන ඉරානය ඉඟි කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.