සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරානයෙන් තීරණාත්මක පියවරක්: මොසාඩ් ඔත්තුකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

by editor
මැයි 3, 2026
in පුවත්
mozad
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන – 

ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට වරදකරුවන් වූ යාකුබ් කරීම්පූර් (Yaqoub Karimpour) සහ නසාර් බෙක්ර්සාදේ (Nasser Bekrzadeh) යන පුද්ගලයින් දෙදෙනාට ඉරානය විසින් ඊයේ (02)  මරණ දඬුවම ක්‍රියාත්මක  කළ බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කරයි.  ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඔවුන්ගේ දඬුවම් ස්ථිර කිරීමෙන් අනතුරුව නීතිමය ක්‍රියා පටිපාටිය අවසන් කර මෙම පියවර ගෙන තිබේ.

ඉරානයේ  FARA NEWS ඒජන්සියේ වාර්තා කරන්නේ   නඩු වාර්තාවලට අනුව, 2025 ජූලි මාසයේදී ඉරානයට එරෙහිව දියත් වූ දොළොස් දින අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර මාලාව අතරතුර කරීම්පූර් මොසාඩ් නිලධාරියෙකු සමඟ සක්‍රීයව සම්බන්ධ වී ඇති බවය. ඔහු ඉරානයේ සංවේදී ස්ථාන කිහිපයක් සහ නිශ්චිත පුද්ගලයින් පිළිබඳ රහස්‍ය තොරතුරු ක්‍රිප්ටෝ මුදල් වෙනුවෙන් ඊශ්‍රායල ඔත්තු සේවයට ලබා දී තිබේ. මීට අමතරව, ශබ්ද බෝම්බ (sound bombs) නිපදවන ආකාරය පිළිබඳව මොසාඩ් නිලධාරියාගෙන් පුහුණුව ලබා ඇති ඔහු, එවැනි බෝම්බ කිහිපයක් නිෂ්පාදනය කර නියමිත ස්ථානවලදී පුපුරුවා හැර ඇත. එම පිපිරීම්වල දර්ශන සහ වීඩියෝ ඔහු තම මෙහෙයුම්කරු වෙත යොමු කර තිබේ.

ඔහුගේ පාපොච්චාරණයන්ට අනුව, ඉරානය අස්ථාවර රටක් ලෙස පෙන්වීම සඳහා ඊශ්‍රායලයේ මූල්‍ය ආධාර ලබන “ඉරාන් ඉන්ටර්නැෂනල්” (Iran International) පුවත් නාලිකාව ඔස්සේ මෙම දර්ශන විකාශනය කර ඇති බවද එම  ඉරාන නිල පුවත් සේවා වාර්තා කර තිබේ.

හෙතෙම කරීම්පූර් හමුදා කඳවුරු සහ ස්ථාපිතයන්හි ඡායාරූප ලබාගෙන ඇති අතර, කරාජ් සහ මෂාද් යන නගරවල ATM යන්ත්‍ර ගිනි තැබීම වැනි කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීම සඳහා පිරිසක් යොදවා තිබේ. ඉරාන ඉස්ලාමීය විප්ලවීය අධිකරණය විසින් ඔහු “දෙවියන්ට එරෙහිව යුද්ධ කිරීම” (Muharebeh) සහ ඊශ්‍රායලය සමඟ එක්ව ඔත්තු බැලීම හරහා “මිහිපිට දූෂණය පැතිරවීම” යන චෝදනාවලට වරදකරු කරන ලදී.

පසුගිය වසරේ ඇති වූ දොළොස් දින යුද්ධයෙන් පසුව, ඉරානය තුළ සිටින ඊශ්‍රායල නියෝජිතයන්ට මරණ දඬුවම ලබා දීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. පසුගිය ජුනි මාසයේ ඊශ්‍රායල යුද්ධය පැවති සමයේදී ආරක්ෂක අංශ විසින් මෙහෙයුම් කිහිපයක් හරහා මොසාඩ් නියෝජිතයින් පිරිසක් අත්අඩංගුවට ගත් අතර එහිදී විශාල පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් සහ ඔත්තු බැලීමේ උපකරණ සොයා ගන්නා ලදී.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මීට අමතරව, ඊශ්‍රායල ඔත්තු සේවයට සම්බන්ධ මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා නිෂ්පාදනය කරන වැඩපොළවල් කිහිපයක් ද ඉරාන බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

තවද, ඉරානය තුළ සිටින මොසාඩ් නියෝජිතයින් හඳුනා ගැනීම සඳහා විශේෂ මූලස්ථානයක් ද ටෙහෙරානය විසින් පිහිටුවා ඇත. මෑතකදී ශක්තිමත් කරන ලද ඔත්තු බැලීමේ නීතියට අනුව, එවැනි වැරදිවලට සම්බන්ධ වන්නන්ට මරණ දඬුවම සහ දේපළ රාජසන්තක කිරීමේ දඬුවම් නියම කළ හැකිය.

අනෙක් වරදකරු වන බෙක්ර්සාදේ, ඉරානය පුරා පිහිටි සංවේදී යටිතල පහසුකම් සහිත ස්ථාන රැසකට ගොස් ඇති බවට සාක්ෂි හමු වී ඇත. ඔහු මධ්‍යම ඉරානයේ පිහිටි නටාන්ස් (Natanz) යුරේනියම් පිරිපහදු මධ්‍යස්ථානය වැනි ස්ථානවල ඡායාරූප සහ දර්ශන මෙන්ම ආගමික විද්වතුන් සහ දේශීය නිලධාරීන් පිළිබඳ තොරතුරු ඊශ්‍රායල බුද්ධි අංශ වෙත ලබා දී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෝකයට සාමකාමී ජීවිතයක් සඳහා ට්‍රම්ප් ඉල්ලන වන්දිය කුමක් ද?…  සාමය සඳහා  ඉරානයේ දෙවැනි යෝජනාවත් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරන ලකුණු!

Next Post

 වුල්වර්හැම්ප්ටන් ආරාධනය ගැන යළිත් විධිමත්ව  යළිත් සාක්ෂි කැඳවන්න ලෙස CID ට කියන නීතිපති රනිල්ට නඩු දානවට අවුලෙන් ද?

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.