බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවෙන් ඉන්ධන නැවක් අද දිවයිනට: උත්සව සමයේ හිඟයකින් තොරව ඉන්ධන ලබාදෙන බවට සහතිකයක්!

by editor
මාර්තු 29, 2026
in පුවත්
anura-modi
Share on FacebookShare on Twitter

ඉන්දීය තෙල් සමාගමට (IOC) අයත් ඉන්ධන රැගත් නෞකාවක් අද (29) දිනයේ දිවයිනට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා සඳහන් කළේ මෙම නෞකාව මගින් ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් මෙරටට රැගෙන එන බවය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර මෑතකදී පැවැති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඉන්ධන තොගය මෙරටට ලැබී තිබේ.

ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදු වූ අතර, ඒ අනුව ලංකා IOC සමාගම වෙත මෙම ඉන්ධන නෞකාව එවීමට ඉන්දීය තෙල් සමාගම තීරණය කර ඇත.

එළඹෙන මාසය ඇතුළත තවත් ඉන්ධන නෞකා 10ක් දිවයිනට ළඟා වීමට නියමිත බවද වාර්තා වේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුව, අප්‍රේල් මස මැද භාගය දක්වා ප්‍රමාණවත් ඩීසල් තොග පවතින අතර ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් තොග ජූනි මාසය දක්වා ප්‍රමාණවත් පරිදි සුරක්ෂිත කර තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අප්‍රේල් උත්සව සමයේදී කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකැටිගේ සහතික වෙයි. මීට අමතරව දීර්ඝකාලීනව ඉන්ධන තොග රැස්කර ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවද ඔහු පැවසීය.

පවතින තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, පිරිපහදු කළ ඉන්ධන තොග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට මේ වන විට ගැටලුවක් නොමැති බවය.

කෙසේ වෙතත් බොරතෙල් සපයා ගැනීමේදී යම් බාධා මතු වූ බවත්, නියමිත පරිදි මෙරටට පැමිණීමට තිබූ නැව් දෙකක් නොපැමිණීම ඊට හේතු වූ බවත් ඔහු හෙළි කළේය.

ඊට විකල්පයක් ලෙස පිරිපහදු කළ ඉන්ධන තොග වැඩි වශයෙන් ඇණවුම් කර ඇති අතර, ඉන් එක් නෞකාවක් මේ වන විටත් කොළඹ වරායට පැමිණ නැංගුරම් ලා තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පිළිතුර ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ මත දෙකක්: රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය පිළිබඳ විමර්ශන ප්‍රමාද වෙයි!

Next Post

දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙනුවට අලුත් ඩිජිටල් ක්‍රමවේදයක්: නියමු ව්‍යාපෘතිය අප්‍රේල් මාසයේ සිට කැළණිවැලි මාර්ගයෙන් ඇරඹේ!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.