සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA දොස්තර නෝනලාට සැමියන් කිහිප දෙනෙක්.. මවුවරු රැසක්… එන්නත්කරණයේදී හෙළිවෙයි!

by editor
මැයි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දියත් කර ඇති එන්නත්කරණ වැඩපිළිවෙළ ව්‍යාකූල කරමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් කොවිෂීල්ඩ් දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීමේ දී ඇතැම් වෛද්‍යවරුන් තම සමීපතම පවුලේ සාමාජිකයන් ලෙස සැමියන් කිහිප දෙනකු මව්වරුන් කිහිප දෙනකු මෙන්ම නැන්දණියන් කිහිප දෙනකු ඇතුළු කර ඇති බව අනාවරණය වී ඇත.

GMOA දොස්තර එන්නත් ලයිස්තුවෙන් කොටසක්…

මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසිදු නිල අනුමැතියකින් තොරව බව වාර්තා වේ.

මෙරට එන්නත්කරණයේදී මුලින්ම ගෙන්වූ ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත වන කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා එන්නත් ලක්ෂ 6ක පමණ හිඟයක් පවතින අතර මෙම දෙවන මාත්‍රාව ලබා ගැනීම මේ වනවිට ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇත.

මෙම තත්ත්වය යටතේ මෙම එන්නත් තොගය සමාජයේ බලවත් පාර්ශ්ව වෙත පමණක් ලබා ගැනීමට විවිධ අංශ උත්සාහ කරන අතර දේශපාලන සම්බන්ධතා ඇති එක් පුද්ගලයකු මෙම එන්නත් පෞද්ගලික අංශය වෙත මුදලට ලබා දීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව ද අනාවරණය විය.

මෙම අනාවරණයෙන් පසුව එය දඩමීමා කර ගත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය තම සාමාජිකයන්ගේ පවුල්වල පුද්ගලයන් කිහිප දෙනකුට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ඉල්ලීම් සිදු කොට ඇති අතර ඒ අනුව එක් සාමාජිකයකුට පවුලේ සාමාජිකයන් පස් දෙනකුට එන්නත් ලබා දීමටත් එම කටයුත්ත බස්නාහිර පළාතේ ස්ථාන 25ක ක්‍රියාත්මක කිරීමටත් නිල නොවන මට්ටමේ තීරණක් ගෙන තිබේ. මෙම ස්ථාන 25ට අමතර ව කොළඹ ජාතික රෝහලේ 320 දරණ වෛද්‍ය නිල නිවාසයේ සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී එන්නත්කරණය සිදුවූ බවට චෝදනා එල්ල වී ඇත.

මෙහිදී ඇතැම් වෛද්‍යවරුන් තම පවුලේ සාමාජිකයන් නම් කිරීමේදී සමාජිකයන් දසදෙනකු නම් කළ අවස්ථාද පවතින අතර ඇතැම් වෛද්‍යවරියන් කිහිප දෙනකු එන්නත් ලබා දීමේ ලේඛනයට මව්වරුන් දෙදෙනකු නැන්දණියන් තිදෙනකු සහ සැමියන් දෙදෙනකු බැගින් නම් කර ඇති බවද හෙළි වී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරී සාමාජිකයන්ට පමණක් මෙම එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් සෙසු සෞඛ්‍ය වෘත්තිය සමිති දැඩි විරෝධයක් පළ කළ අතර මේ සම්බන්ධයෙන් පසුගිය 24 වැනිදා අමාත්‍යංශයේදී සෞඛ්‍ය අමාත්‍යවරිය අමාත්‍යංශ ලේකම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් සහභාගී වූ සාකච්ඡාවක දී ප්‍රකාශ වී ඇත්තේ එලෙස රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජිකයන්ට පමණක් එන්නත් ලබා දීමට කිසිදු ආකාරයක තීරණයක් ගෙන නොමැති බවය.

මීට අමතරව යුධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල පුද්ගලයන්ටද ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස යුධ හමුදාපතිවරයා විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇත. ඒ සඳහා ද අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

එන්නත්කරණ වැඩසටහනේදී සෞඛ්‍ය අංශ කොවෂීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාව සඳහා නිසි කළමනාකරණයකින් තොරව ලබා දීමත් අනපෙක්ෂිත ලෙස ඉන්දියාවේ වසංගතය පැතිරීම නිසා එරටින් එන්නත් ලබා ගැනීමට නොහැකි වීමත් හේතුවෙන් මම අර්බුදය නිර්මාන්‍ය වී තිබේ. රජය එන්නත්කරණයේදී ලොක් සෞඛ්‍යය සංවිධාන මඟ පෙන්වීම් මාලාවට පරිබාහිර ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් දැඩි අර්බුද රැසක් මේ වනවිට නිර්මාණය වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොත්මලේ වේල්ල අසල මාර්ගය ගිලා බසී.

Next Post

ඉන්දීය මහකොමසාරිස්ගෙන් සිංහල වෙසක් සුබ පැතුමක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.