ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟ, ඊට සමගාමීව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) සහ සයිනොපෙක් (Sinopec) සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා ඇති අතර, අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බව එම සමාගම් නිවේදනය කරයි.
LIOC සහ සයිනොපෙක් නව මිල ගණන්:
- ඔක්ටේන් 92 පෙට්‍රල්: රුපියල් 410.00
- ලංකා ඔටෝ ඩීසල්: රුපියල් 392.00
අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධන සිදුකර ඇති අතර, සිපෙට්කෝ ආයතනය විසින් සිදුකළ මිල ඉහළ දැමීමට සමාන වන පරිදි මෙම නව මිල ගණන් තීරණය කර තිබීම විශේෂත්වයකි.







