පිරවුම්හල් වෙත යොමුකරන ඉන්ධන තොග සහ QR කේත ක්රමවේදය යටතේ සිදුකෙරෙන බෙදාහැරීම් සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් ආරම්භ කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මෙම ක්රියාවලියේදී කිසියම් හෝ අක්රමිකතාවක් හෝ වෙනසක් වාර්තා වුවහොත් අදාළ පිරවුම්හල්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව සංස්ථාව අවධාරණය කරයි. එහිදී අදාළ පිරවුම්හල්වල බලපත්ර පවා අහෝසි කිරීමට ඉඩ ඇති බවයි සංස්ථාව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේ සහ නිරීක්ෂණය කිරීමේ විශේෂ ක්රමවේදයක් මේ වනවිටත් අත්හදා බලා සාර්ථක වී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් කියා සිටියි.







