දෙමටගොඩ පොලිස් වසමේ නිවසක සඟවා තිබියදී මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවි 19 ක්, ටී. 56 පතරොම් 24 ක්, මත්පෙති 100,400 ක්, හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200 ක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු සහ සැකකාරියක් ඊයේ (16) අළුයම කතරගම දී පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.
2026.06.16 වන දින අළුයම් කාලයේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉහත වැටලීම සිදු කර තිබිණි. ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි මෙම ප්‍රධාන සැකකරු සහ ඔහු සමග සිටි සැකකාරියක් අත් අඩංගුවට පත් වන්නේ කතරගම ප්‍රදේශලේ ලැගුම්හලක සැඟවී සිටියදී ය. ඔවුන් දෙදෙනා අවුරුදු 28 ක් පමණ වයසැති වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
2026.06.03 දින බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක දී මේ ගිනි අවි තොගය අත් අඩංගුවට පත් වන්නේ අහම්බෙනි. සිද්ධියට අදාලව සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණි.
සැකකරුවන් විසින් අපරාධමය කටයුතු වලට භාවිතා කරන ලද බවට සැකකරන ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.






