ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක පත් කරනු ලැබ තිබේ.
ඒ අනුව අනුර කරුණාතිලක අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.
බලශක්ති අමාත්‍ය ධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද සහභාගි විය







