කීර්ති ප්‍රනාන්දු –
මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සදහා ඉන්ධන ලීටර් 10 ක්ලබාදීමේ කෝටාව අද(06) රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව අමාත්‍ය කාංචන විජේසේකර නිවේදනයක් නිකුත් කරමින් පවසයි .
ඒ අනුව ත්‍රී රෝද රථ සඳහා මෙතෙක් කිව්. ආර් . කේත ක්‍රමය යටතේ ලබා දුන් ඉන්ධන ලීටර් 5 සිට 10 දක්වා වැඩි කර ඇති අතර එය බස්නාහිර පළාතේ ලියාපදිංචි මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා පමණක් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා සිය නිවේදනයේ සඳහන් කරයි .








