ලලිත් චාමින්ද –
රුපියල් කෝටි 06ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු කිලෝග්රැම් 03ක් මොන්ටරෝ වර්ගයේ මෝටර් රථයකින් ප්රවාහනය කරමින් තිබියදි දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ වලහන්දුව බඹරගොඩ හන්දියේ දි ඊයේ (01) රාත්රි සොයාගත් බැව් අක්මීමන පොලිසිය පවසයි.
අක්මීමන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් අධිවේගි පිවිසුම් මාර්ගයේ බඹරගොඩ හන්දියේ දී මෙම මොටර් රථය නතරකොට පරික්ෂාකොට ඇත.
මෝටර් රථයේ තිබු බෑගය පරික්ෂා කිරිමේ දී මත්කුඩු තොගය එම බෑගයේ තිබි හමුවී ඇත.
එම අවස්ථාවේ දී රථවාහන අංශයේ පොලිස් නිලධාරියා පසකට තල්ලුකොට දමා මත්කුඩු ජාවාරම්කරු පලාගොස් තිබේ. එහෙත් ඔහුගේ රියදුරු බලපත්රය හා වාහනයේ ලියකියවිලි පොලිස් භාරයට ගෙන ඇති අතර රියදුරු බලපත්රයට අනුව මොහු පානදුර ප්රදේශයේ පදිංචිකරුවෙක් බවට හෙළි වී තිබේ.
සැකකරු හා මෝටර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා අක්මිමන පොලිස් ස්ථානාධිපති මදුරංග අරුමප්පෙරුම ඇතුළු නිලධාරින් පරික්ෂණ පවත්වයි.







