මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් මෙරටට ගෙන්වා ඇති බොරතෙල්වල ප්‍රමිතිය සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශට එරෙහිව ඛණිජතෙල් නීතිගත සංස්ථාව ලෙස නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි..
ඔහු කියා සිටියේ, ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බවය.
විදුලි කප්පාදුව දිර්ඝ කිරීමක් සඳහා විදුලිබල මණ්ඩලය ඉල්ලුම් කර ඇත්තේ ලක්ෂපාන බලාගාරය බිඳවැටීම, ඩීසල්, දැවි තෙල් සහ ජල කළමනාකරණය සඳහා ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් බව ද අමාත්‍යවරයා සිය ටිවිටර් ගිණුමේ සඳහන් කර ඇත.
ඔහුගේ ට්විටර් සටහන පහත දැක්වේ.
CPC will respond legally to Chairman, PUCSL on the accusations on the quality of Crude Oil. CPC has adequate stocks of Diesel & Fuel Oil. Extended Power Cuts was requested by CEB due to breakdown at Lakshapana, insufficient funds at CEB for diesel & fuel oil & Hydro management.
— Kanchana Wijesekera (@kanchana_wij) September 26, 2022







