විරෝධතා කරුවන් අද ජාතික රූපවාහිනිය තමන් වෙත නතු කරගෙන රූපවාහිනියේ සජීවීව පෙනී සිටිමින් ජාතික නාලිකාව ජන සතු කළ බවට ප්‍රකාශයක් කළේය.
Sri Lanka National Television off air at the moment, after protesters entered the station pic.twitter.com/lRN7jK4Ec5
— Azzam Ameen (@AzzamAmeen) July 13, 2022
ඉම ප්‍රකාශයෙන් අනතුරුව ජාතික රූපවාහිනියේ සියලු වැඩසටන් ජාතික ගීය ප්‍රචාරය කර මේ වනවිට නවත්වා තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
අරගල බිමේ අරගලකරුවන් විශාල කණ්ඩායමක් අද (13) දහවල් ජාතික රූපවාහිනි පරිශ්‍රයට ගොස් ඉන් කීපදෙනෙක් රූපවාහිනී කාර්යාලයට ඇතුළු වී තිබේ.
අනතුරුව රූපවාහිනියේ බලධාරීන් සමග කතා කර මේ වනවිට භූමියේ තත්ත්වය පැහැදිලිකර දී සජීවී විකාශනයක් සඳහා තමන්ට ඉඩ අවශ්‍ය බව ඉල්ලා ඇත. මේ අවස්ථාව දහවල් 1 පසුවූවා පමණය.
මෙම සාමාජිකයන් දෙදෙනා රූපවාහිනියට අතුළු වී ඒ වනවිට විකාශය කරමින් තිබූ වැඩසටහන් නවත්වා සජීවීව ප්‍රකාශයක් කර මෙතැන්සිට ජාතික නාලිකාව ජනසතු වූ බව දන්වා ඇත
විනාඩි කීපයක් එම අදහස් දැක්වීමෙන් අනතුරුව සජීවී විකාශය නවතා ඇති අතර ඉන් විනාඩි කීපයකට පසු රූපවිහානීයේ සියලු වැඩසටහන් හදිසියෙම නවතා දමා තිබේ.
රූපවාහිනී ආරංචි මාර්ග පවසන්නේ රූපවාහිනිය තුළට පැමිණි කණ්ඩායමේ කීප දෙනෙක් ඇතුළේ සිටින බවය. විශාල ජනතාවක් රූපවාහිනී සංස්ථාවේ දොරටුව අසල එක් රැස් වී සිටිති.







