සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටින් පනින්න ගොස් ගැඹුරු මුහුදේ මරණය සමග පොරබදමින් සිටි 55ක් නාවික හමුදාව මුදා ගනී…

ළමුන් 06ක් කාන්තාවන් 03ක් ඒ අතර... මුදා ගන්න නාවික හමුදාව එනවිටට කීප දෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ... බෝට්ටුවේ බඳ බිඳී ජල කාන්දුවක් වෙලා...

by editor
ජූලි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කරමින් සිටිය දී ගැඹුරු මුහුදේ  ආපදාවට ලක්වුණු මෙරටට අයත් යාත්‍රාවක මරණය සමග පොරබදමින් සිටි   පුද්ගලයින් 55 ක්   නාවික හමුදාව විසින් බේරාගෙන  අද (12) හම්බන්තොට වරාය වෙත නිරුපද්‍රිතව රැගෙන පැමිණි තිබේ.

මෙම සංක්‍රමනික   පිරිස අතර දරුවන්   06 ක්  සහ කාන්තාවන් 03ක් සිටි  ඇත. කුඩාම දරුවාගේ වයස අවුරුදු 03කි.

හම්බන්තොට සිට  කිලෝමීටර් 722 ක් පමණ, එනම් නාවික සැතපුම් 360ක් පමණ දුරින්  ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී සුළි කුණාටුවකට හසුවී   මෙම බහුදින ධීවර  යාත්‍රාව ආපදාවට පත් වී   තිබේ.

ආපදාවට පත් වූ යාත්‍රාව

මීට දෙදිනකට පෙර, එනම්  2022 ජූලි මස 10 වන දින මෙම පිරිස මුදවාගෙන    අද ( 12) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන පැමිණි බව නාවික හමුදාව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පාවෙමින් තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය සහන සලසන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් 2022 ජූලි මස 08 වන දින නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදුකර තිබිණි. එම දැනුම්දීමට  ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව ආපදාවට පත් ධීවර යාත්‍රාව තිබූ මුහුදු ප්‍රදේශය වෙත සෙවීම් සහ මුදවාගැනීමේ මෙහෙයුමක් සඳහා පිටත් කර යවා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආපදාවට ලක් වූ පිරිස

ඒ අනුව, 2022 ජූලි මස 10 වන දින උදෑසන පරාක්‍රමබාහු නෞකාව ආපදාවට පත් ධීවර යාත්‍රාව වෙත ලඟා වී එම බහුදින ධීවර යාත්‍රාව පරීක්ෂාවට ලක් කර තිබේ  . එහිදී  55ක් වූ පිරිසක් සමග එම ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පැවති අධික රළු ස්වභාවය හමුවේ ඉතා අවදානම් ලෙස  බෝට්ටුව පාවෙමින් තිබී ඇත.

සිදුකල වැඩිදුර පරික්‍ෂාවේදී   මුහුදේ පැවති අධික රළු ස්වභාවය හමුවේ යාත්‍රාවේ බ‍ඳට සිදුවූ අලාභහානි හේතුවෙන් මුහුදු ජලය යාත්‍රාව තුළට කාන්දුවී යාත්‍රාව ගිලීයාමේ අවදානමට ලක්ව තිබූ බවත් නිරීක්‍ෂණය වූ බව නාවික හමුදාව කියයි.

එමෙන්ම, දින කිහිපයක් ගැඹුරු මුහුදේ අතරමංව ආහාර සහ ජලය හිඟවීමෙන් එහි සිටි පුද්ගලයන් කිහිපදෙනෙක් නාවික හමුදාව විසින් මුදවා ගන්නා අවස්ථාව වන විට අසාධ්‍ය තත්වයෙන් පසුවූ බවත්   මුදවා ගැනීමේ අංශ නිවේදනය කරයි.

පිරිස වෛද්‍ය පරීක්ෂාවට ලක් වූ ආකාරය…

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වෙත පරාක්‍රමබාහු නෞකාව තුළදී අවශ්‍ය ප්‍රථමාධාර හා අනෙකුත් පහසුකම් ලබාදෙමින්  හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.

ආපදාවට ලක්වූ බහුදින ධීවර යාත්‍රාව තුළට අධික ලෙස මුහුදු ජලය කාන්දු වීම හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව අතහැර දැමීමට ක‍ටයුතු කර ඇත.

නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 03 ත් 54 ත් අතර වයසේ පසුවන මෙම පිරිස ත්‍රීකුණාමලය, මන්නාරම, වව්නියාව, කිලිනොචිචිය, මුලතිව්, යාපනය සහ කල්පිටිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ.

එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ඇතුළු 17 දෙනෙක් පුද්ගලික ජෙට් යානයකින්  මත්තලින් රට හැර යාමේ සූදානමක්?

Next Post

ජනපති ඉන්නේ ගුවන් හමුදාපතිගේ ගෙදර නෙමෙයි… ගුවන් හමුදාව කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.