සියය ඉක්මවා යමින් ඉතිහාසයේ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා විය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොවිඩ් ආසාදි්‍ත පුද්ගල මරණ 111ක් බව වාර්තා කළේය.
මිය ගිය අය අතර පුරුෂයින් 56ක් සහ කාන්තාවන් 55ක් වූහ. මිය ගිය අයගෙන් 90ක් පමණ වයස අවුරුදු 60 ඉක්මවූවෝ වෙති.
මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 5622කි.
මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.