සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

42/5 යි… බට්ටිච්චි ගේ වික්‍රමය…

by editor
අප්‍රේල් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ලේ දී අද පැති  පළමු එක්දින ජාත්‍යාන්තර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 108ක විශිෂ්ට ජයක් ලබාගෙනය.

මේ ජයග්‍රහණය අපට වඩාත් තදින් දැනෙන විශේෂයක් තිබේ. ඒ මේ ජයග්‍රහණයේ තීරණාත්මක පදනම දමන්නේ මොණරාගල පුංචි එකීය. තවමත් 14 වියැති කණ්ඩායමේ බට්ටීය. ක්‍රිකට්වලට ආදරය කරන සියල්ලන්ගේ ආදරණීය දියණිය, නැගනිය වී සිටින මේ  පොඩි එකී ලකුණු 42ට කඩුළු 05ක් දවාගෙනය. මේ ඒ කතාවය.

19න් පහළ තුන්කොන් අන්ර්ජාතික කාන්තා ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය අද ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ පැවැත්වූයේ එංගලන්තය සහ ශ්‍රි ලංකාව අතරය.  තරගයේ කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රි ලංකා ක්‍රිඩිකාවෝ පන්දුවට පහරදීම තේරූහ.

ආරම්භක පිතිකාරිනියන්වන සන්ජානා  කාවින්දි ලකුණු 27කි. සුමුදු නිසංසලා ලකුණු 27කි.  මුල්ම කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ලකුණු 63ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබිණි.  පළමු කඩුල්ල ලෙස සන්ජානා කාවින්දි ලකුණු 27කට දැවී යන්නීය. නායක මධුනි නානායක්කාර හතරේ පහර 05ක් සමග ලකුණු 25ක්, දෙව්මි විහන්ගා හතරේ පහර 4ක් සමග ලකුණු 25ක් රැස් රැස්කර තිබුනහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ රශ්මිකා සෙව්වන්දි පන්දු 58ක දී හතරේ පහර 09ක් සමග ලකුණු 59ක් රැස් කළාය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු ඕවර 48.4ක දී ලකුණු 226ක ඉලක්කයක් එංගලන්තයට ලබා දුන්හ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් අමූ සුරෙන්කුමා, සොපියා ස්මෙල්, චාරිස් පවේලි කඩුළු 2 බැගින් බිඳහෙලූහ.

ශ්‍රි ලංකා පන්දු යැවීමේ වික්‍රමය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

එංගලන් නායිකා ජෝඩි ග්‍රෙව්කොක් ලකුණු 26ක් ලැබීය. අමූ සූරෙන්කුමා ලකුණු 25ක් රැස් කළේය. අබී නොර්ග්‍රොව් ලකුණු 14කි. අනෙක් එක් ක්‍රීඩිකාවක් හෝ ලකුණු 10 සීමාව ඉක්මවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩ නුදුන්හ.

අමූ සූරෙන්කුමා දුවද්දී දැවී ගියාය. අනෙක් කඩුළු 09ම බෙදී ගියේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නියන් දෙදෙනාටය. දකුණතින් ඕෆ් බ්‍රේක් පන්දු යවන දෙව්මි විහංගා සහ වමතින් ඕතඩොක් පන්දු යවන මොනරාගල බට්ටී ය. චමෝදි ප්‍රබෝධා ය.

චමෝදි පන්දු ඕවර 9.3ක් යවා ලකුණු 42ට කඩුළු 05කි. දෙව්මි පන්දු ඕවර 10ම යවා ලකුණු 43ට කඩුළු 04කි. රෂ්මිකා සෙව්වන්දි ස රෂ්මි නේත්‍රාන්ජලී පන්දු ඕවර 2 බැගින් යවා තිබුණි. දඟපන්දු යවන්නියන් දෙදෙනා සිය පන්දු ඕවර 20 නිමා කරන්නටත් පෙර එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 23.3 ක දී ලකුණු 118කට දැවී ගියේය.

මට නම් ඒ ක්‍රිකට් අපූරුය. හිනාවෙවී ක්‍රිකට් විඳිමින් ක්‍රිකට් ගහන පුංචි උන් ඒ ගැසූ ගේම මරුය.  චමෝදිගේ විකට් පහ වගේම පොඩි එකී ක්‍රිකට් විඳිමින් සෙල්ලම් කරන අව්‍යාජ විදිහ මරුය. ඒ පුංචි උන් රොත්තම කදිම බව ආදරයෙන් යුතුව ලියා තැබිය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හසරංග වෙනුවට විජයකාන්ත් IPL වරම්!

Next Post

කැඩිය හැකි හැම නීතියම කඩලා ඉදිරිපත් කළ කෙහෙළියගේ  රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්න- නීතිපති අභියාචනාධිකරණයෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.