රජයේ සියලුම රෝහල්වල කොවිඩ් මර්ධන සේවයේ නියුතු හෙද හෙදියන්ගේ ගැටලු මම මස 31දාට පෙර විසඳා නුදුනහොත් ඔවුන්ට අදාල නොවන සියලුම සේවවලින් ඉවත් වනබව සමස්ථ ලංකා හෙද සංගමය පැවසුවේය.
එම සංගමය වැඩිදුරටත් පෙන්වා දුන්නේ හෙද හෙදියන්ගේ විශේෂිත වූ නිවාඩු, රුපියල් 5000 අතුරු දීමනාව, ගර්භනී නිලධාරිණියන්ගේ ආරක්ෂාව, නිවාඩු දින දීමනා ආසාදිතවන නිලධාරීන්ගේ පහසුකම් ඇතුළු ගැටලු විසඳා දිය යුතු බවය.
සංගමය කීවේ මීට පෙර ද මේ පිළිබඳව අවස්ථා කීපයකදීම වඅදලා බලධාරීන් දැනුවත් කර සිටිය ද මෙතෙක් ඒ සඳහා කිසිදු විසඳුමක් ලබා නොදීම නිසා අකමැත්තෙන් වුව ද වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදුවන බවය.