කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්මත කරගැනීමේ ඡන්දයේදී ඊට පක්ෂව ඡන්දය දුන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් යන දෙදෙනාගේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් එම පක්ෂයේ නායකත්වය දරයි.
රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයේ රදවා සිටියි.