වත්මන් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ නේවාසික තොරතුරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ඉවත් කර ඇත.
පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් News 1st පුවත් සේවය වෙත කියා ඇත්තේ රටේ පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවය.
ඒ අනුව දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ ලිපිනයන් සහ දුරකථන තොරතුරු එම වෙබ් අඩවියෙන් ඉවත් කර ඇත.
මීට පෙර, පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ ස්ථාවර දුරකථන සහ ජංගම දුරකථන අංක මෙන්ම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ලිපිනයන් ද ඇතුළත් කර තිබුණි.
පසුගිය මැයි 09 වැනිදා ඇති වූ නොසන්සුන්තාවයේදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහ දේශපාලඥයින් කිහිප දෙනෙකුගේ දේපළවලට පහරදී ගිනි තබා තිබිණි.