බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අස්ගිරිය 21 එපා කියයි?… ඇමති විජේදාසට අස්ගිරියෙන් “පොහොට්ටු උත්තරය“  ලැබෙයි…

“ව්‍යවස්ථා  සංශෝධනයට  පෙර ආර්ථික ප්‍රශ්නය විසඳන්න... ජනාධිපතිට විධායක බලතල තිබිය යුතුයි...“ සංඝ සම්මුති දාන්න ගිය අස්ගිරිය නැවතුන තැන!

by editor
මැයි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ බලතල  කප්පාදු කර  නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම රටට අහිතකර යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය  ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ කිහ.

ජනාධිපතිවරයාට යම් බලතල ප්‍රමාණයක්  හිමිවිය යුතු වීම  කාලෝචිත අවශ්‍යතාවක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රථමයෙන් මහජනයාට යම් ආර්ථික සහන ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතු යැයිද අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

අනුනා හිමියන් මේ බව ප්‍රකාශ කළේ  අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ   අද  (29) පෙරවරුවේ අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන   මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය   බැහැ දැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ දී ය.

රටක් ස්ථාවරවීම සඳහා දේශපාලන ස්ථාවරත්වය බලපාන නමුත් මහජනයාට යම් හෝ සහන කඩිනමින් ලබා දීම අත්‍යවශ්‍ය යැයිද  ධම්මදස්සි හිමියෝ  විජේදාස රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළහ.

නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහා නායක හිමියන් දැනුවත් කිරීම සඳහා මහනුවරට පැමිණි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජේදාස රාජපක්ෂ  අද  (29) පෙරවරුවේ  දළදා මාලිගාවට ගොස් දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අනතුරුව අස්ගිරි මහා විහාරයට ගිය ඔහු  එහිදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ  ඤාණරතන හිමියන් ඇතුලු කාරක සංඝසභාවේ මහා සංඝරත්නය හමුවේ යෝජිත නව ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙළ සම්බන්ධව  අදහස් දැක්වූවේය.

අධිකරණ ඇමතිවරයා මෙසේ කරුණු පහදා දුන්නේය. 

“රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත්වෙලා. එහි ප්‍රතිඵලයක් විදියටසමාජය තුළ අසහනකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. තත්ත්වයට ප්‍රධාන හේතුව දේශපාලනික වශයෙන් රටේ අස්ථාවර භාවයක් ඇති වීමයි.“

“ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ සිට විධායක ජනාධිපතිවරයාට තනි තීන්දු මත කටයුතු කිරීමට ඇති බලය නැවත වතාවක් පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන වලට පවරා ගත යුතුව තිබෙනවා. ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් පාරදෘශ්‍ය භාවයක් ඇති ව ආණ්ඩුව පවත්වාගෙන යෑම ඉතා වැදගත්.“

“දහනව වැනි ව්‍යවස්ථාව මගින් හඳුන්වා දී තිබූ ස්වාධීන ආයතන මගින් රාජ්‍ය අංශයේ දූෂණ වංචා සහ අකාර්යක්ෂමතාවය නැති කිරීමට ගෙන තිබූ පියවර විසිවැනි ව්‍යවස්ථා   සංශෝධනය මගින් අවලංගු කළා. එමගින් තනි පුද්ගලයෙක් මත බලය පැවරීම නිසා තමයි මේ විනාශයට පාර කැපුනේ.“

“ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට ඇවිත් මුදල් අමාත්‍යාංශය භාර අරගෙන ආර්ථික විනාශයක් කරන්න විශාල දායකත්වයක් දුන්නා. ඒවා නිවැරදි කරන්න අවශ්‍යයි. නවඅගමැති වරයෙක් යටතේ ආණ්ඩුවට මා එකතු වුණේ ඒ නිසයි.“

විපක්ෂය තේරුම් ගත යුතු දේ 

“විපක්ෂයේ මේ මොහොතේ කළ යුත්තේ ප්‍රායෝගිකව කළ හැකි දේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීමයි. මේ රටේ ජනතාවගේ අදහස් විමසලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ඒකට අපි කැමතියි. ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි.“

“මේ මොහොතේ කළ හැකි දේ කුමක්ද කුමක් ද කළ නො හැකි දේ කුමක්ද යන්න විපක්ෂය තේරුම් ගත යුතුයි. මිරිගුවක් පසුපස දිව යනවා වගේ වැඩ ගැන ජනතාව විශ්වාසය තබන්නේ නැහැ.“

“නයින්ටීන් ප්ලස් මගින් විපක්ෂයේ බලාපොරොත්තු වෙන්නේ 19 ට වඩා වැඩි දියුණු ව්‍යවස්ථා සංශෝධනයක්. අපි දැන් ගෙනත් තිබෙන්නේ එවැනි එකක් තමයි. විපක්ෂය කියන්නේ ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දැරීමට ඇති හැකියාව අහිමි කරන්න ඕන කියලයි.“

“අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් වෙලා තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය මතයි. විධායක ජනාධිපති රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන්න ඕනේ කියන කාරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රධාන වගන්තියක්. රටේ විධායක ජනාධිපතිවරයා තමයි  සේනාධි නායකයා. ජනාධිපතිවරයාගෙන් ආරක්ෂක අමාත්‍යංශය ඉවත් කරනවා නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්න ඕන. ඒක කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි රට තිබෙන්නේ. මුලින් අපි එය තේරුම් ගත යුතුයි. ජනතාව මෙය අවබෝධ කරගෙන සිටිනවා. විපක්ෂයත් මේ කාරණය අවබෝධ කරගන්න ඕන.“

“ආණ්ඩුව අසාර්ථක වෙනවා නම් එය නිවැරදි කිරීමේ වගකීම බාරගන්න ඕන විපක්ෂයයි. ප්‍රධාන විපක්ෂය සමඟ අපි මාසයක් සාකච්ඡා කළා. ආණ්ඩුව භාරගන්න කියලා ජනාධිපතිතුමා විපක්ෂයෙන් වෙනම ඉල්ලීමක් කළා. ඒකටත් ප්‍රතිචාර නැති වෙලාවේ ස්වාධීන හතළිස් එක් දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් මම යෝජනාවක් කළා කොන්දේසි විරහිතව අපි සහයෝගය දෙනවා ආණ්ඩුව භාර අරගෙන කරන්න කියලා. විපක්ෂයේ බැහැ කිව්වා. ඊට පස්සේ මම යෝජනා කළා කරලා ප්‍රධාන විපක්ෂයට අපි හතළිස් එක් දෙනා එකතු වෙලා එකතුවෙලා ආණ්ඩුවක් හදමු කියලා. ඒකත් ප්‍රතික්ෂේප කළා. එතකොට මොනවද කරන්නේ.“

ගෝඨාභයට වඩා බැසිල් හොඳයි ද?

“මේ වෙලාවේ  පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ පොහොට්ටුවටයි. වත්මන් ජනාධිපතිවරයා ඉවත් වුනොත්   පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අනුව තමයි ජනාධිපති වරයෙක් පත් කරගත යුත්තේ. මේ මොහොතේ කොටුවෙ බහුතරය මෙහෙය වන බැසිල් රාජපක්ෂ  බහුතර ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් උනොත් මොකද වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ඉවත්ව ගොස් බැසිල් රාජපක්ෂ ජනාධිපති ධුරයට ආවොත් ඒක හොඳයිද. “ ඇමතිවරයා විමසා සිටියේය.

මේ අවස්ථාවේ    අස්ගිරි මහා විහාර පාර්ශවය වෙනුවෙන් අදහස් දැක්වූ අනුනායක පූජ්‍ය ආණ්මඩුවේ ධම්මදස්සි හිමියන් පැවසුවේ  විධායක ජනාධිපති ධූරය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  හැදීම  ආවට ගියාට කරන්න  බැරි බවත්  රටේ ජනතාවගේ ආරක්ෂා පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත්ය.

“ඒ වගේම ජනතා අදහස් වලට ගරු කරන්න ඕන. ආර්ථික අසීරුතාවයෙන් පීඩාවට පත්ව සිටින මහජනයාට සහන ලබාදීමෙන් පසු ව්‍යස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පියවර ගැනීම වඩා උචිතයි.“    එහිදී උන්වහන්සේ වැඩි දුරටත් කීහ.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී  මැදගම ධම්මානන්ද, ඓතිහාසික දඹුල්ල රජමහා විහාරාධිපති,ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ගොඩගම මංගල, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද, කාරක සංඝ සභික මුරුද්දෙණියේ  ධම්මරතන යන හිමිවරු සහභාගි වූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර අරගල අරගලයේ මාධ්‍ය ලේකම්ගේ දුරකථනය පැහැරගෙන…

Next Post

මහ බැංකුව බය හිතෙන කතාවක් කියයි!.  රටේ විදේශ වත්කම් ඩොලර් ඍණ බිලියන 04කට  බසී…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.