ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්බන්ධව පොදුජන පෙරමුණ තුළ ඇති බෙදීම වළක්වා එක් මතයකට පැමිණීම සඳහා එම පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ලබන සඳුදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
ද්විත්ව පුරවැසි භාවය දරන අයෙකුට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බවට වූ වගන්තිය ඇතුළත් කරමින් ගෙන එන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ට පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිසක් සහයෝගය ලබාදීමට එකඟත්වය පල කර ඇතත් පිරිසක් ඊට විරෝධය පල කිරීම නිසා මෙම සාකච්ඡාව කැඳවා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා සතු බලතල නව සංශෝධනයෙන් අඩු කරනවාට පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරුන් එකඟ වුවත් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෙබවිය නොහැකිය යන වගන්තිය ක්‍රියාත්මක වීමෙන් බැසිල් රාජපක්ෂගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙනවාට පිරිසක් සිය විරෝධය පල කර තිබේ.
මේ තත්ත්වය මත 21 වැනි සංශෝධනය සම්මත කරගන්නේ නම් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරීම සහ ජනාධිපති බලතල අඩුකරන වගන්ති වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් පසු ක්‍රියාවට නන්වන පරිදි කොන්දේසියක් සහිතව එය අනුමත කරගන්නා ලෙස මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බව ඉහත ආරංචි මාර්ග අනාවරණය කළේය.
කෙසේ වෙතත් 21 වැනි සංශෝධනය සම්බන්ධව දැනට උද්ගතවී ඇති කරුණු ගැන සාකච්ඡා කර ලබන සඳුදා අවසන් තිරණයට එළඹෙන බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.
Discussion about this post