ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන කෙටුම්පත ජනමත විචාරයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීමට හැකි බව මීට ස්වල්ප මොහොතකට පෙර නිතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තව පැය කිහිපයකින් කැබිනට් මණ්ඩල අනුමැතියට යොමු කිරීමට නියමිතය.
කැබිනට් මණ්ඩල අනුමැතියෙන් අනතුරුව සති දෙකක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතරයකින් එය සම්මත කරගැනීමට කටයුතු කරන බව රජයේ ආරංචි මාර්ග පැවසුවේය.







