වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී අද (23) පැවති ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ දී ශ්‍රි ලංකාව නින්දා සහගත කඩුළු 09ක පරාජයක් ලබා තරගය නිමා කළේය.
පන්දු ඕවර 18ක් තුලදී ලකුණු 58කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඔස්ට්‍රේලියාව පහසු ප්‍රති උත්තරයක් ලබා දුන්නේය.
පන්දු පන්දු ඕවර 38ක් එනම් පන්දු 228ක් ඉතිරිව තිබිය දී කඩුළු 09ක ජයග්‍රහණයක් අත් කරගැනීමට ඔස්ට්‍රේලියානු යෞවනයෝ අද වින්ඩ්හොක් හිදි සමත් වූහ. ඔස්ට්‍රේලියාවේ දවා ගත් එකම කඩුල්ල රසිත් නිම්සර විසින් දවා ගත්තේය.
19න් පහළ එක් දින ලෝක කුසලානයට තරග වදින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඔස්ට්‍රේලියාව හමුවේ ඉතිහාසගත විලි ලජ්ජාවකට පත් වෙමින් පන්දු ඕවර 18 පන්දු 5ක් තුළ ලකුණු 58කට දැවී ගියේය.
ඒ කාසියේ වාසිය ලැබූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට යෑමේදී ය.
කණ්ඩාමේ පළමු ක්‍රීඩකයින් හතර දෙනාගේ ලකුණු එකතුව ලකුණු 09කි.
වැඩිම ලකුණු සංඛ්‍යාව ලැබූ චාමික හීනටියන ලකුණු 14කි. මුළු කණ්ඩායමම ලකුණු 15 අඩුවෙනි. ක්‍රීඩකයින් 08ක් ලකුණු 10ට අඩුවෙනි. තරගයටම ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 11 දෙනාම එල්ල කර ඇත්තේ හතරේ පහර 05කි. ලකුණු 58ට සියල්ලන්ම දැවී ගියේය ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රි ලංකා කණ්ඩායමක් අඩුම ලකුණු ගණනකට දැවී ගිය ප්‍රථම අවස්ථාව මෙයය.
පන්දු ඕවර 6.4ක් තුළ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෙක් වූ විල් බිරෝම් ලකුණු 14කට කඩුළු 05කි. චාර්ල්ස් ලච්මුන්ඩ් ලකුණු 19කට කඩුළු 2කි. කෙසෙයි බර්ටොන් ලකුණු 13කට කඩුළු 02කි. හෙයිඩ්න් චිලර් ලකුණු 11කට කඩුල්ලකි.
තරගයේ වීරයා ලකුණු 14කට ශ්‍රී ලංකා කඩුලු 05ක් දවා ගත් විල් බිරෝම්ය.







