බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

18 හැවිරිදි තරුණියක දූෂණය කිරීමේ නඩුවක් වසර 21 පසු මුල සිට අසයි…

දැන් ඒ තරුණිය 38 හැවිරිදි දෙදරු මවක්....

by editor
පෙබරවාරි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වර්ෂ 2001 අගෝස්තු මාසයේදී 18 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධව පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව පවරන ලදුව පුරා වසර 20ක් තිස්සේ  පවතින නඩුවක් විභාගයට ගැනිමට නුවරඑළිය මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

දූෂණයට ලක්වූ 18 හැවිරිදි තරුණිය මේ වනවිට 38 හැවිරිදි දෙදරු මවක් බව වාර්තා වේ.

නඩුව තවමත් විසඳී නොමැති බැවින් එය දිනපතා විභාගයට ගන්නා ලෙස නුවරඑළිය මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි  අද (07) දැනුම් දුන්නාය.

මෙම නඩුව මාර්තු මස 15, 16, සහ 24 යන දිනවල විභාගයට ගැනීමට නියෝග කළ විනිසුරුවරියා අදාළ දිනවලදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නඩුවට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට නොතීසි නිකුත් කළාය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

2001 වසරේ අගෝස්තු මස තලවාකැලේ ප්‍රදේශයේ දේවස්ථානයට ගොස් නිවස බලා යමින් සිටියදී තරුණිය පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා  තිබිණි.

මෙම නඩුව 2001 වසරේ   විභාගයට ගැනුණු අතර ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් 2004 වසරේ නුවරඑළිය මහාධිකරණය වෙත අධි චෝදනා ගොනු කර තිබුණි.

වසර 10ක කාලයකට පසු 2015 වසරේ දී නුවරඑළිය මහාධිකරණය විසින් සැකකරුවන් දෙදෙනාට එක් චෝදනාවක් මත වසර 5ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද, නඩුවේ දෙවැනි සහ තෙවැනි චෝදනා සඳහා වසර 18ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.

සැකකරුවන් තමන්ට ලබාදුන් සිරදඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනයක් ගොනුකර තිබුණේ ඉන් අනතුරුවය.

මෙම නඩුව ජූරි සභාවක් ඉදිරියේ විභාග කර ඇත්ද යන්න අපැහැදිලි බැවින් අභියාචනාධිකරණය දඬුවම් නියම කිරීම අත්හිටුවා නුවරඑළිය මහාධිකරණයට දන්වා ඇත්තේ නඩුව මුල  සිට නැවත විභාග කිරීම ආරම්භ කරන ලෙසටය.

ඉන් අනතුරුව මෙම නඩුව විභාග කිරීමට සම්බන්ධ වී සිටි විනිසුරුවරයෙක් එම නඩු විභාගයෙන් ඉවත් වූයේය.

අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී නුවරඑළිය මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි   මෙම නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට නියෝග කළාය.

මෙම නඩුව විභාගයට ගන්නා මාර්තු මස 15, 16 සහ 24 යන දිනවල අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඇය නඩුවට සම්බන්ධ සියලු පාර්ශවයන්ට නොතීසි නිකුත් කළාය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වර්ජනය නිසා රෝහල් වැඩ කොට උඩ….

Next Post

අයි.ඕ.සී වැඩි කළා තමයි… අපි මිල වැඩි කරන්නේ නෑ… ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කියයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.