බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලියන්ට සුපිරි ජයක්… මේ තරගයේ අපට උනේ කුමක් ද?

by editor
මාර්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අද නියම ක්‍රිකට් ක්‍රීඩා කළේ ඔවුන්ය. පිටියේ සංයමය, විනය,   වර්ණවත් ක්‍රීඩා ශීලී ගුණය මෙන්ම වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩාවේ පරිණතිය සහිතව තරග වැදුන බංගලාදේශ කණ්ඩායමට හිස නමා ආචාර කළ යුතු බව විශ්වාස කරමු.

අන්තර්ජාතික එක් දින තරගයක මූලිකම දේ පන්දු ඕවර 50 ක්‍රීඩා කිරීමය. කරුමය වන්නේ මෑතක සිට බොහෝ අවස්ථාවල අපට ඕවර 50 ක්‍රීඩා කරගන්නට නොහැකි වීමය. අද චටොග්‍රෑම් හි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගනයේ දී කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 48.5 ක් තුළ සියල්ලෝ දැවී ගියහ. ඒ ලකුණු 255කට ය. මේ තණතිරුවේ දී ඒ ලකුණු ගණන කොටය.  ආශ්චර්යයක් නොවේ නම් ඒ තරගය ජයගත නොහැකි බව අපි මුලින්ම ලියා තැබුවෙමු.

  • කාසියේ වාසියත් බංගලියන්ට පූජා කළ අයුරු

අනෙක කාසියේ වාසිය දිනා නායකයා පිතිකරණය තෝරාගත් ආකාරය  මොන ගොබ්බ තීන්දුවක් දැයි විමසුවේ අප නොව අන්තර්ජාතික ක්‍රිකටට් විචාරකයන්ය. දෙවැනි ඉනිමේ පන්දු ඕවර 20ක් යවනවිට පිටියට පින්න පාත් වුනේය. ඉන් අනතුරුව මොන පන්දු යැවීමක් ද. පිතිකරුවන්ට පන්දු යැව්වා නොව පූජා කළාක් බඳු විය. මොනම තර්ජනයක්වත් නැත. පන්දු දඟ කැවෙන්නේ නැත. දෝලනයක් නැත.  සැන්ටෝ අපට වඩාගෙන නෙළුවේය.

බංගලාදේශ කණ්ඩායම අපහසුවෙන් ක්‍රීඩා කළේ මුල් පන්දු ඕවර 10 පමණි. ඩිල්ෂාන් මධුශංක එවූ ඉනිමෙ මුල්ම පන්දුවේ දී ආරම්භක පිතිකරු ලින්ටන් දාස් දැවී ගියේය. ඔහුගේ ඊලඟ ඕවරයේ දි සෞම්‍යා සකාර් ලකුනු 03කට දැවී යන්නේ මහීෂ් තික්ෂණ අතට පහසු උඩපන්දුවක් ලබා දෙමිනි. දෙවැනි කඩුල්ල දැවී යන්නේ ලකුණු 13 දී ය. ලකුණු 23 වනවිට කඩුළු 3ක් දැවී ගොස්ය. ප්‍රමෝද් මධුශාන් සිය පළමු පන්දුවෙන්ම කඩුල්ල කුඩුකරමින් ටොවිඩ් හ්‍රිඩෝයි දවා ගන්නේය.

නායක නජිමුල් හොසෙයින් සැන්ටො

අනතුරුව සිව්වන කඩුල්ලට නායක නජ්මුල් හොසේන් සැන්ටො සහ මහ්මුදුල්ලාහ් අතර ලකුනු 69ක සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේය. 4වන කඩුල්ල බිඳවැටෙන්නේ    ලකුණු 92 දී ය. කඩුල්ල දවා ගන්නේ ලහිරු කුමාරය.  යවා තිබුණේ පන්දු ඕවර 15.3 කි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

  • නායකයෙකුගේ පෞරුෂවත් ඉනිම

ඉන් පසු කඩුළු බිඳ වැටුනේ නැත. පස්වන කඩුල්ල වෙනුවෙන් නොබිඳුන ලකුනු 165ක සම්බන්ධතාවයක් ගොඩනැගුනේය.  බංගලාදේශය අද පළමු එක් දින තරගයෙන් සුපිරි  ජයග්‍රහණ්‍ය වාර්තා කරන්නේ  කඩුළු 04ක් පමණක් දැවී ගොස්ය. මේ කඩුළු 06ක ජයග්‍රහණය     ලබනවිට ඔවුන්ට පන්දු 32ක්    ඉතිරිව තිබිණි. තුන්සියයකට ඉහළ ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය කිරීමේ පහසු ප්‍රවේශය තමන් සතු බව බංගලාදේශය අපට කීවේය.

නායක නජිමුල් හොසෙයින් සැන්ටො පෞරුෂවත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා  කරනු බලා සිටියෙමු.  ඔහු පන්දු 129ක් තුළ නොදැවී ලකුණු 122කි. හතරේ පහර 13කි. හයේ පහර 2කි.

ඔහු සමග මනරම් සම්බන්ධතාවයක් ගොඩනගන බංගලාදේශ කඩුලු රකින්නා මෙන්ම කණ්ඩායමේ අත්දැකීම් සහිත පරිණත ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ලකුණු 72කි.

මුලින් කී ලෙස  මුෂ්ෆිකර් රහීම් කඩුල්ලට එන්නේ ලකුණු 92ට කඩුළු 04ක් බිඳී ගිය අවස්ථාවේ දී ය. සිව්වන කඩුල්ල ලෙස දැවී යන්නේ පන්දු 37ක දී ලකුණු 37ක් ලබා සිටි මහ්මුදුල්ලාය. අනතුරුව මුෂ්ෆිකර් සහ නායක ෂන්ටො එක්ව  පස්වන කඩුල්ල වෙනුවෙන්   නොබිඳුන සම්බන්ධතාවය ලකුණු 165ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නේය.

පළමු විස්සයි විස්ස තරග 03ත් එකතු කළ විට මේ අප බංගලාදේශය සමග තරග වැදුන සිව් වන තරගය ය. ආරම්භක එක් දින තරගය වූ ඒ 4 වැනි තරගය බංගලාදේශය ජයග්‍රහණයෙන්  නිමා කරන්නේ පන්දු 44.4ක දී ය. ඔවුන්ගේ දැවී ගියේ කඩුළු 04ක් පමණි. හතරේ තරගය… එය ඔවුන්ගේය.

කුසල් මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ…
  • ශ්‍රි ලංකා පිතිකරණය

මෙම ක්‍රීඩාංගනයේ පිතිකරණයට යෝග්‍ය  පැතිලි තණ තීරුවේ මුලින්ම පන්දු රැකීම තෝරනවා නම් නිසැක දීර්ඝ ඉනිම් කීපයක් සහිතව ලකුණු 300ක ඉලක්කයක් ඉක්මවා යා යුතු බව යථාර්ථය වී තිබිණි. එහෙත් එතෙන්ට කිසිවෙක් ගියේ නැත. ආරම්භක පිතිකරුවන් දෙදෙනා මුල් ඕවර 10 තුළම තණතීරුවේ ස්වරූපය පෙන්වා දුන්නේය. ලකුණු ඕනෑතරම් තිබිණි. 300 ඉක්මවා යා යුතුවම ඇති බව අපට පෙනුනේය. එය ඔවුන් නොදන්නා දෙයක් නොව ඉතාම සරල කතාවකි. පිටියේ ඉන්නේ ඔවුන්ය

ලකුණු 30 සීමාවට පහසුවෙන් පැමිණි  පසු  අන්ර්ජාතික තලයේ ක්‍රීඩකයෝ  තමන්ගේ අවස්ථාව විවර වී ඇති බවත්  කල්පනාවෙන් කළමනාකාරණය කරගෙන දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ යුතු බවත් දනිති. එමෙන්ම නායකයා තෝරා දී ඇත්තේ ලකුණු 300 ඉක්මවා යා යුතු ඉලක්කයක් බවත් සැලසුම සැකසෙන්නේ ඒ වෙනුවෙන් බවත් හොඳින්ම දැනෙගන සිටිති.

එහෙත්  අපේ ක්‍රීඩකයින්ගෙන්  දුටුවේ සැලසුම් රහිත විකල් ස්වරූපයකි.

අආරම්භක පිතිකරුවන්වන පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.  පළමු කඩුල්ල ලෙස දැවී යන්නේ ලකුණු 33ක් ලබා ගත් අවිශ්ක ප්‍රනාන්දුය.  ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහරක් එල්ල කළේය.

මුළු ලකුණු සංඛ්‍යාව 72 දී ලකුණු 36කට පැතුම් නිශ්ශංක දැවී ගියේය. ඔහුත් හතරේ පහර 5කි. හයේ පහර 1කි. ආරම්භක පිතිකරුවන් යුවල නිරායාශයෙන් ලකුණු රැස් කළ බව පෙනුණි.  පිටත පිටිය ඉතාම වේගවත් විය. පන්දුව තියුණු ලෙස හතරේ සීමාව ඉක්මවා ගියේය.

එහෙත් සධීර සමරවික්‍රමට වෙනදා කළ වික්‍රමය කළ නොහැකි වූයේය. ඔහු ලකුණු 3කි. චරිත් අසලංක මෙහිදි හසන් මිරාස් එවූ පන්දුවකට සිය පා ඉන්න ගලවාගෙන ලකුණු 18කට දැවී ගියේය.  තරගයේ මනරම්ම සම්බන්ධතාවය ගොනැගෙන්නේ කුසල් මෙන්ඩිස් සහ මැද පෙළ යොවුන් පිතිකරු ජනිත් ලියනගේ අතරය. ලකුණු 68ක සම්බන්ධතාවයක් ඔවුන් දෙපල අතර ඇතිවන්නේය. කුසල් මෙන්ඩිස් ලකුණු 57කට දැවී ගොස් අනෙක් අන්තයෙනක් පෙරහර යනවාක් සේ කඩුළු වැටෙන විට ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කරන්නට ගිය ජනිත් ලියනගේ ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවකට ප්‍රවීන කඩුළු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහ්මාන්ට උඩ පන්දුවක් දී දැවී යන්නේය.

ජනිත් ලියනගේ…
  • ට්‍රයි කරන්න  තිබුණා…

සධීර සමරවික්‍රමට සහ චරිත් අසලංකට අද ඔවුන්ගේ දිනය නොවූ බව සිතන්නට පුලුවන. එහෙත්  ලකුණු 59ක් ලබා ගත් නායක කුසල් මෙන්ඩිස්ට,  තමන් කණ්ඩායමේ අවසන් පිතිකරුවා බව හොඳින්ම දැනගෙන පිටියට එන වනිඳු හසරංගටත් ඔවුන්ගේ සැලසුම ගැන හිතන්නට තිබිණි.  ක්‍රිකට් ඇඟේ හයියටම ගහන ක්‍රීඩාවක් නොවන බව වනිඳු හසරංගට තේරී තිබුණා නම් හයේ පහරක් සහ හතරේ පහරක් ගසා ලකුණු 13ක් සහිතව දැවී යන්නේ නැත.

තරගය දිනා ගත් සැන්ටෝ මෙසේ කීවේය.

“නව පන්දුවේදී   තරමක් අපහසු බව අපි දැන සිටියා. ඒ නිසාම මම වෙලා අරන් තමයි පන්දුවට පහර දුන්නේ.   මහමුදුල්ලා ඔහුගේ ඉනිම ආරම්භ කළ ආකාරය කණ්ඩායම ස්ථාවර කරමින් ඉනිම ගොඩනගන්න ගොඩක් උදව් කළා. පසුව පිනි නිසා කඩුල්ල ඉතා පහසු වුනා. ඉන් පසුව මුෂි ඔහුගේ අත්දැකීම් පෙන්නුවා.  අපි හැමෝම දන්නවා ඔහුගේ දක්ෂතාවය. “

කුසල් මෙන්ඩිස් කීවේ පිතිකරණයේ දී  පළමු ඕවර 10 තුළ හොඳ ආරම්භයක් පැතුම් සහ අවිශ්ක ලබා ගත්තත් මැදපෙළ බිඳවැටුන බවය.

පන්දු යැවීමේ දීත් පළමු ඕවර 10 ඩිල්ෂාන් සහ ප්‍රමෝද් හොඳන් පන්දු යැවූ නමුත්   20 වැනි ඕවරයෙන් පසු සිදුවූ පිනි වැටුන බවය . පිනිවලින් පන්දුව තෙත් වී ගියවිට පන්දු යවන්නන්ට පන්දුව පාලනය කිරීමට අපහසු වූ බවය.

අපට අහන්නට ඇත්තේ ටොස්ට් එක දිනා අහවල් පරිඇටයක් කළාද යන්නය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

IIHS ආයතනය ‘අපි පිළිගැනීමෙන් ඉහළයි’ තේමාව දියත් කර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරයි

Next Post

මහනුවර කිරිමුහුද මළ මුහුදක් කරන අඩි 09ක් දිගට වැඩෙන රාත්තල් 300ක් බර කිඹුල් මාළුවෙක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.