රටම ආන්දෝලනයට ලක් කළ 15 හැවිරිදි දැරියක දූෂණය කිරීම සහ අපයෝජනය කිරීමේ දාමයට සම්බන්ධ සෙසු පුද්ගලයන් තවදුරටත් අත්අඩංගුවට නොගැනීමට තීරණය කර ඇති බව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිදුවීමට සම්බන්ධ 40කට අසන්න පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් විශාල පිරිසක් හඳුනාගනිමින් සිටින බවට පොලිසියම නිල වශයෙන් ප්‍රකාශ කළ ද තවදුරටත් අත්අඩංගුවට ගැනීම් සිදු නොකෙරන බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සඳහා බලපා ඇති හේතුව පැහැදිලිව ප්‍රකාශ කිරීමට මෙම ආරංචි මාර්ග අපොහොසත් වුවද ඉහළ පෙළේ පොලිස් නිලධාරියකු සහ තවත් ප්‍රභූ මට්ටමේ පුද්ගලයන් සිටින බවට මාධ්‍යවල වාර්තා පළ වීමෙන් අනතුරුව මෙම සිදුවීම සම්බන්ධ මෙහෙයුම් මන්දගාමී වි නවතින තැනට පත් වු බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් අතර වෛද්‍යවරයෙක්, වානිජ නාවික කපිතාන්වරයෙක්, ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්, චීවරධාරියකු, පොලිස් නිලධාරියකු ඇතුළු පිරිසක් සිටින අතර සියයකට ආසන්න පිරිසක් එම දූෂිත ජාලයට අයත් බව පොලිසිය මුලින් අනාවරණය කළේය.
ගල්කිස්ස පොලිසිය මඟින් ආරම්භ කරන ලද මෙම අපරාධයේ සෙසු පරීක්සණ සඳහා සිද්ධියට අදාළ විමර්ෂණ ළමා සහ කාන්තා කාර්යංශයට පැවරී තිබේ.