අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදල් ඇමති බැසිල් ප්‍රබල තානාපතිවරුන් හත්දෙනකුට කතාකරයි

by Lanka Sara Editor
ජූලි 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, චීනය, රුසියාව, යුරෝපා සංගමයේ තානාපතිවරු හා බ්‍රිතාන්‍ය, ඉන්දීය මහ කොමසාරිස්වරු ඊයේ (14) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූහ.

මුදල් අමාත්‍යවරයා ලෙස සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් පසුව ප්‍රථම වරට මෙම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් මුණ ගැසීම සිදුවිය.

මෙහි දී අමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් , ජර්මානූ තානාපති හොල්ගා ලෝතර් සියුබට්, රුසියානු තානාපති යූරි බී මැටරි මහතා, චීන තානාපති තුයි ෂෙන්හොන් මහතා, යුරෝපා සංගමයේ මෙරට තානාපති ඩෙනිස් චයිබි යන මහත්වරු සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බගලේ සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් මහත්මිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී ද්වී පාර්ශ්වික සාකච්ඡාවල නිරත වූහ.

ද්වී පාර්ශ්විකව පැවැති සාකච්ඡාවල දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී
ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බිහි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවත්, පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධන වැඩපිළිවෙළ සඳහා සහය අපේක්ෂා කරන බවත් ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්ධන භාවිතය අවම කෙරෙන පරිසර හිතකාමී ලෙස ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැඩි දියුණුව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉහළ නැංවීම පිළිබඳ ද රජයේ අවධානය යොමු ව ඇති බව බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී වැඩි දුරටත් පැවැසීය.

මෙහි දී අදහස් දැක් වූ මහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සහ යුරෝපා සංගම් තානාපතිවරයා සඳහන් කළේ පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සහ හරිත ආර්ථිකයක් කෙරෙහි රජය දක්වන උනන්දුව පිළිබඳ ප්‍රසාදය පළ කරන බවයි.

මහ කොමසාරිස්වරිය වැඩි දුරටත් සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා දේශීය ඉදිකිරීම්කරුවන් යොදා ගැනීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවත්, ඊට අවශ්‍ය සහය ඉදිරියටත් ලබා දීමට අපේක්ෂා කරන බවත් ය.

ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ කොවිඩ් වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මුල් කාර්තුව තුළ 4.7% පමණ මට්ටමක පවත්වාගෙන යාම පිළිබඳව සතුටු දායක විය හැකි බවත්, එය ඉදිරියේ දී 5.5%ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වනු ඇති බවත් ය. ද්වී පාර්ශ්වීය වෙළෙඳ කටයුතු වඩාත් සහයෝගයෙන් ඉදිරියට රැගෙන යාම සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහි දී කැමැත්ත පළ කළේ ය.

දැනට ශ්‍රී ලංකාව වෙත ලබා දෙන එන්නත් පහසුකම් අවශ්‍යතාව පරිදි ඉදිරියටත් ලබා දීමට චීනය කටයුතු කරන බවත්, එරට ඉහළ පෙළේ ආයෝජකයන් හම්බන්තොට කර්මාන්ත කලාපයට සම්බන්ධ කිරීමට සූදානම් බවත් චීන තානාපතිවරයා මෙම හමුවේ දී බැසිල් රාජපක්ෂ මහතා වෙත පැවැසීය. ‍

කොවිඩි වසංගත හමුවේ පවතින ආර්ථිකය තත්ත්වය ඉතා ඉක්මනින් සාමාන්‍ය අතට පත් වෙතැයි චීනය අපේක්ෂා කරන බව ද චීන තානාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ය. ඒ සඳහා අවශ්‍ය සහය ලබා දීමට සූදානම් බව ද හෙතෙම වැඩි දුරටත් පැවැසීය.

දැනට දිවයින තුළ පවතින ජර්මානු තාක්ෂණ විද්‍යාලවල පහසුකම් ඉහළ නැංවීමටත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ආයෝජකයන් යොමු කිරීමට අවශ්‍ය සහය ලබා දීමට තම රජය අපේක්ෂා කරන බව ජර්මානු තානාපතිවරයා මෙම හමුවේ දී කියා සිටියේ ය.

ද්වී පාර්ශ්වීය සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමට අමෙරිකාව සූදානම් බව ද අමෙරිකානු තානාපතිවරිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළා ය. රජයේ හරිත ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ තානාපතිනිය LNG බලශක්ති ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් යොමු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බව ද මෙහි දී වැඩි දුරටත් සඳහන් කළා ය.

මෙහි දී බැසිල් රාජපක්ෂ මහතා හමු වූ රුසියානු තානාපතිවරයා කියා සිටියේ එන්නත්කරණ වැඩපිළි‍වෙළ සඳහා ඉදිරියටත් සිය රජයේ සහය ලබා දෙන බවයි. එන්නත් නිෂ්පාදනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර රෝහලේ කොවිඩ් දේහයක් පීසීආර් ප්‍රතිඵලයට කලින් ඥාතීන්ට දෙයි

Next Post

15 හැවිරිදි දැරියගේ සිද්ධියේ ඉදිරි අත්අඩංගුවට ගැනීම් නැවතෙයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.