fbpx
සිකුරාදා, සැප්තැම්බර් 29, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

15 වැනි සියවසේ දියත් වුන යුරෝපීය යටත් විජිතකණයේ ප්‍රතිඵල තවමත් අප අත් විඳිනවා…

ජනපති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතයි….

editor by editor
සැප්තැම්බර් 16, 2023
in පුවත්
0
Ranil
Share on FacebookShare on Twitter

ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ කියුබාවේ හවානා නුවරදී ඊයේ (15) ආරම්භ වූ “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමිනි.

කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස්ගේ ප්‍රධානත්වයෙන්  සමුළුව ආරම්භ  කෙරිනි.

RelatedPosts

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය

වසංගත, දේශගුණික විපර්යාස, ආහාර, පොහොර සහ බලශක්ති අර්බුද තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට බාධා එල්ල කරනවා. එසේම එම තත්ත්වය ගෝලීය ණය අර්බුදය උග්‍ර කරන අතර ඒ හේතුවෙන් පෙර නොවූ විරූ අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය දකුණේ රටවලට සිදුව තිබෙනවා.

15 වැනි සියවසේ දී වෙඩි බෙහෙත්, කාලතුවක්කු සහ සමුද්‍රීය නැව් වැනි අංශයන් මගින් යුරෝපය අත්කරගත් දියුණුව නිසා ඔවුන්ට ලෝකයේ අනෙකුත් රටවල් යටත් කර ගැනීමට හැකි වූණා.  එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකය තුළ අද වන විට තාක්‍ෂණික වශයෙන් විවිධ අසමතුලිතතා  ඇති වී තිබෙනවා.

අධික පිරිවැය නිසා ඇතැම් තාක්‍ෂණික ක්‍රමවේදයන්ට ප්‍රවේශවීම සඳහා ඇති සීමාව, ප්‍රමාණවත් ඩිජිටල් කුසලතා සහ යටිතල පහසුකම් නොමැතිවීම, සංස්කෘතිකමය හා ආයතනිකමය වශයෙන් පවතින බාධා සහ මූල්‍යමය බාධා වැනි අභියෝගකාරී තත්ත්වයන් එවැනි අසමතුලිතතා ඇතිකිරීමට හේතුවී ඇති වී බව අපගේ විශ්වාසයයි.

21 වැනි සියවසේ මෙම නව තාක්‍ෂණික අසමතුලිතතාවය වඩාත් ඉස්මතුව පවතිනවා. එම පරතරය පියවා ගැනීම සඳහා ඩිජිටල්කරණය සහ Big Data, Internet of Things (IoT), කෘත්‍රිම බුද්ධිය (AI), Blockchain, ජෛව තාක්ෂණවේදය (Biotechnology) සහ ජාන අනුක්‍රමණය (Genome Sequencing)  වැනි නව තාක්‍ෂණ ක්‍රමවේද වෙත අප කඩිනමින් යොමු විය යුතුයි.

සංවර්ධන ක්‍රමවේදයන් හඹායාමේ ක්‍රියාවලිය  පහසු කිරීම සඳහා අවශ්‍ය පරිවර්තනයන් සිදු කිරීමටත්, එම ක්‍රියාවලීන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒ සඳහා අත්‍යාවශ්‍ය දැනුමෙන් හා තාක්‍ෂණයෙන් පරිපූර්ණ උගත් ශ්‍රම බලකායක් සිටිය යුතුයි.

දැනට දුර්වල ක්‍රියාකාරීත්වයකින් යුත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ආයතන පිළිබඳ ඇගයීමට ලක්කිරීමට සහ තාක්ෂණ හා නවෝත්පාදන කවුන්සිලයක් මෙන්ම ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් පිහිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් තාක්ෂණික සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස නව තාක්‍ෂණවේදයන් සඳහාම විශේෂිත වූ නව විශ්ව විද්‍යාල හතරක් ඇතිකිරීමට ද ශ්‍රී ලංකාව සැලසුම් කර තිබෙනවා. එසේම, යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය එහි පස්වැන්න ලෙස ස්ථාපනය කිරීමට ද අප අපේක්ෂා කරනවා.

“G77 සහ චීනය” කණ්ඩායම තුළ ඵලදායි සහයෝගීතා යාන්ත්‍රණයක් අවශ්‍යව තිබෙනවා. ගෝලීය දකුණ සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය පිළිබඳ එකමුතුව (COSTIS) පුනර්ජීවනය කිරීම සඳහා එහි පර්යේෂණ හා සංවර්ධන කටයුතු පවත්වා ගෙන යාම වෙනුවෙන් දශකයක් පුරා ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 01%ක් වෙන් කිරීම මගින් සාමාජික රටවල් යම් කැපකිරීමක් සිදු කළ යුතු බව මම යෝජනා කිරීමට කැමතියි.

යුරෝපා සංගමයේ තාක්ෂණ සහ නවෝත්පාදන අංශය අනුගමනය කරමින් ඩිජිටල්කරණය, සෞඛ්‍ය, වෛද්‍ය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ හරිත හයිඩ්‍රජන් වැනි පුනර්ජනනීය බලශක්තිය ආදී ක්ෂේත්‍රවල තාක්ෂණික වේදිකා නිර්මාණය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශය සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා.

ගෝලීය දකුණේ සිට උතුරට සිදුවන බුද්ධි ගලනයෙහි ප්‍රතිඵලයක් ලෙස උගත් ශ්‍රම බලකාය අහිමි වීම දකුණේ විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන අංශයන්හි සංවර්ධනයට තවත් තර්ජනයක් බවට පත්ව තිබෙනවා.

චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල් ඔවුන්ගේ ශ්‍රම ශක්තිය පෝෂණය කරමින් විද්‍යා තාක්‍ෂණය සහ නවෝත්පාදනය දියුණු කර තිබෙනවා. ඒ නිසා ගෝලීය දකුණ වශයෙන් අපගේ උගත් ශ්‍රම බලකාය අහිමිවීම වෙනුවෙන් ගෝලීය උතුරෙන් වන්දි ඉල්ලා සිටිය යුතුයි.

ගෝලීය දකුණේ රටවල් වඩා සමීප සහයෝගීතාවයක් පවත්වා ගැනීමට කැපවිය යුතුයි. සහයෝගීතාව වැඩි දියුණු කිරීම, හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීම සහ විද්‍යාව, තාක්‍ෂණය හා නවෝත්පාදනයන්ගේ පරිවර්තනීය හැකියාවන් උපයෝගී කර ගන්නා ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම වෙනුවෙන් කොළඹ සැලැස්මට සමාන යෝජනා ක්‍රමයක් ඇති කිරීමට ද මම මෙහිදී යෝජනා කරනවා.

නව හවානා ප්‍රකාශනයට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද අවධාරණය කළයුතුයි. “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවේ සාමූහික හඬ ජාත්‍යන්තරයට ගෙන යාමට එක්වන ලෙස ද මම සියලු සාමාජික රටවලින් ඉල්ලා සිටිනවා

Tags: නවතම
Share74Tweet46

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

දශයකට පසු බංගලාදේශය කළ වික්‍රමය… ඉන්දියාව පරාදයි…

Next Post

සී.අයි.ඩි.යේ සීසීටීවි අක්‍රීය වීම සහ එම පද්ධතිය යථාවත් නොකර ආයතනය අනාරක්ෂිත කිරීම ගැටලුවක්… පොලිසියේම අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි!

RelatedPosts

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…
පුවත්

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

සැප්තැම්බර් 28, 2023
අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…
පුවත්

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

සැප්තැම්බර් 28, 2023
medicine
පුවත්

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

සැප්තැම්බර් 28, 2023
Next Post
CID

සී.අයි.ඩි.යේ සීසීටීවි අක්‍රීය වීම සහ එම පද්ධතිය යථාවත් නොකර ආයතනය අනාරක්ෂිත කිරීම ගැටලුවක්... පොලිසියේම අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • නල්ලමලේ කන්සල්ටන්…

    නල්ලමලේ කන්සල්ටන්…

    409 shares
    Share 164 Tweet 102
  • නිදොස් වී නිදහස් වුන ධනුෂ්ක… අධිකරණයේ දිග හැරුණු “වැඩිහිටියන්ට පමණයි” කතාව…

    247 shares
    Share 99 Tweet 62
  • දෙවියන්ගේ දියණිය…

    218 shares
    Share 87 Tweet 55
  • ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

    172 shares
    Share 69 Tweet 43
  • ගුවන් ගමන් විෂය පථයේ අලුත් දැනුම් පරාසයක් විවර කළ මොහොතක්!

    263 shares
    Share 105 Tweet 66
  • රටේ කාන්තාවන් බරපතල පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

    172 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

medicine

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

by editor
සැප්තැම්බර් 28, 2023
0

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

නවතම ලිපි

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ  දේශනය !

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ දේශනය !

by editor
සැප්තැම්බර් 28, 2023
0

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

by editor
සැප්තැම්බර් 28, 2023
0

ගෞරවයෙන් ගෙදර යන හැටි පොහොට්ටුවෝ ජනපතිට කියා දෙති…

පොහොට්ටුවෙන් අකුරු තුනේ ජනාධිපති අපේක්ෂකයෙක්… රංජිත් බණ්ඩාරගෙන් ඉඟියක්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

by editor
සැප්තැම්බර් 28, 2023
0

රටේ කාන්තාවන් බරපතල   පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

රටේ කාන්තාවන් බරපතල පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

by editor
සැප්තැම්බර් 28, 2023
0

Douglas-Devananda

 ඉන්දීය ධීවර ආක්‍රමණිකයන් වළක්වා ගන්න… ඉන්දියාවට ගිහින් සාකච්ඡා කරන්න… ධීවර ඇමති උතුරේ දේශපාලකයින්ගෙන් ඉල්ලයි! 

by editor
සැප්තැම්බර් 28, 2023
0

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

gunshot-bullet

මීටියාගොඩ වෙඩි තැබීම කරන්දෙණිය සුදදාගේ කල්ලියේ වැඩක්… හේතුව වසර ගණනක් ඈතට දිවෙන කෝන්තරයක්! විමර්ශන අංශ කියයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

by editor
සැප්තැම්බර් 28, 2023
0

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

  • Trending
  • Comments
  • Latest
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ  රටේ අප්පුහාමි මහත්තයා…

බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

සැප්තැම්බර් 23, 2023
කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

සැප්තැම්බර් 28, 2023
අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

සැප්තැම්බර් 28, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…
  • අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…
  • කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.