අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දශයකට පසු බංගලාදේශය කළ වික්‍රමය… ඉන්දියාව පරාදයි…

by editor
සැප්තැම්බර් 16, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

බංගලාදේශ කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගෙනය. ඒ වර්ෂ 2012න් පසු ඉන්දියාව පරදවා ආසියානු කුසලාන තරගාවලියක දී ජයග්‍රහණය වාර්තා කරමිනි.

ලකුණු 266ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දියානු කණ්ඩායම ලකුණු 259කට දැවී ගියේය.

ඉන්දියාව මේ වනවිටත්  අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත්තේය. බංගලාදේශය දැන් තරගාවලියෙන් ඉවත්ව ගොස්ය. පැවැත්වූයේ ආසියානු කුසලානයේ සැලසුම් කළ තරගයකි.   එහෙත් මේ තරගය බංගාලාදේශය පැත්තෙන් ඔවුන්ට සිය තරගකාරිත්වය තියුණු කරගනෙ ශ්‍රේණිගතකිරීම්වල ඉහළට පැමිණීමට අවස්ථාවක් නිර්මාණය කර තිබුණේය.

ඉන්දියාව විරාට් කෝලි ඇතුලු ජ්‍යෙෂ්ඨයන් කීපදෙනෙක් විවේක ගන්වා තිබිණි. ඒ ඉරිදාට පැවැත්වෙන අවසන් මහා තරගයට අවශ්‍ය විරාමය ගැන කල්පනා කිරීමෙනි.

කෝලි වෙනුවට තිලක් වර්මා කැඳවා තිබිණි. ජස්පිට් බුම්රා වෙනුවට ෂඩුල් තාකූර් කැඳවා තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්දියාවේ ආරාධනාව අනුව මුලින්ම පන්දුවට පහර දුන් බංගාලදේශ කණ්ඩායමේ මුල් පෙළ කුඩු වී ගියේය. ආරම්භක පිතිකරු ලින්ටන් දාස් ලකුණු ලබා  නොගෙන දැවි ගියේ.  ටැන්සිඩ් හසන් ලකුණු 13කට දැවී ගියේය. අනාමුල් හක් ලබා ගත්තේ ලකුණු 04ක් පමණී,

ශකීබ් අල් හසන්…

නමුත් නායක ශකීබ් හල් හසන්  බිඳ වැටුණු කණ්ඩාය නගා සිටුවන්නට දැවැන්ත මෙහෙයුමක් දියත් කළේය. ඔහුගේ මනරම් පිතිකරණය ප්‍රේක්ෂාගාරය සතුටින් පිරෙව්වේය. ශකීබ් පන්දු 85ක් තුළ ලකුණු 80ක් රැස් කළේය. ඊට හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් ඇතුළත් විය.

මේදි හසන් මිරාස් ලකුණු 13කට දැවී යද්දී ශකීබ් අල් හසන් සමග එක් වූ නසූම් අහමඩ් හොඳ සම්බන්ධතාවයක් ගොඩනන්වමින්  ලකුණු 44ක් ලැබුවේය.

පන්දු ඕවර 50 තුළ දී ලකුණු 265ක් රැස් කරන්නට බංගලාදේශ කණ්ඩායම සමත් විය.

ඉලක්කය හඹා යන්නට  පැමිණි ඉන්දියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නායක රෝහිත් ෂරමා දැවීයන්නේ ලකුණු නොලබමිනි. කෝලි වෙනුවට ක්‍රීඩා කළ තිලක් වර්මා ලකුණු 05කි. කේ.එල්. රාහුල් ලකුණු 19කි. ඉෂාන් ක්‍රිෂාන් ලකුනු 05කි.  එක් අන්තයකින් එකා පිට එකා වැටී දැවී යමින් තිබිණි. නමුත් අනෙක් අන්තය රැකගෙන ශුබ්මන් ගිල් හුදකලා සටනක නිරත වෙමින් සිටියේය.

පන්දු 133ක දී ලකුණු 121ක් රැස් කරගත් ඔහු සමග යම් සම්බන්ධතාවක් ගොඩනැගුවේ ලකුනු 26ක් ලබා ගත් සූර්යකුමාර් යාදේව් සහ ලකුණු 42ක් රැස්කළ ඇක්සාර් පටෙල් පමණි.

ශුබ්මන් ගිල්..

පන්දු රැකීම පන්දු යැවීම විශිෂ්ඨ රිද්මයකින් කළ බංගලාදේශය හමුවේ ඉන්දීය කණ්ඩායම අසරණ වූයේය.  ඔවුහු පන්දු ඕවර 49.5ක් තුළ ලකුණු 259කට සියල්ලෝ දැවී ගියහ.

පන්දු යැවීමේ දී , මුස්ටාෆිසුර් රහ්මාන් ලකුණු 50ට කඩුළු 03ක්, ටන්සිම් හසන් සකීබ් ලකුනු 32ට කඩුළු 02ක්, මහේදි හසන් ලකුණු 50ට කඩුළු 02ක්,  මෙහිදි හසන් මිරාස් සහ ශකීබ් අල් හසන් කඩුල්ලක් බැගින් ලැබූහ.

තරගයේ වීරයා බංගලාදේශ් නායක ශකීබ් අල් හසන්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු දෙකට කෝටි 81ක් ඉතිරි කර දුන් රියදුරු බලපත්   ව්‍යාපෘතියෙන්  යුද හමුදාව ඉවත් කරයි…

Next Post

15 වැනි සියවසේ දියත් වුන යුරෝපීය යටත් විජිතකණයේ ප්‍රතිඵල තවමත් අප අත් විඳිනවා…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.