දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරි මණ්ඩලය ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තු විවාදයකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම එක්ව යෝජනාවක් සම්මත කිරීමට අද (08) පාර්ලිමේන්තුවේ රැස් වූ පක්ෂ නායක රැස්වීමේ දී එකඟ වී තිබේ.
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දූෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වහා ඉවත් විය යුතු යැයි ද, දූෂණයෙන් තොරව ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයකින් යුතුව පවත්වාගෙන යෑම සඳහා ක්‍රිකට් පාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් හරහා පනතක් සම්ම කළ යුතු යැයි ද පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇත.
අද ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුව තුළ අතිශය වැදගත් ප්‍රකාශක් කරමින් ක්‍රිකට් දූෂිතයන් රැකීම සඳහා අධිකරණය පවා අවභාවිතා වූ අයුරු පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේය.
ජනාධිපතිවරයාගේ සමීපතමයින් පවා ජනාධිපතිවරයා නොමග යවමින් සිදුකරන දූෂණවල ප්‍රමාණය ගැනත් ක්‍රීඩා ඇමතිවරයා කතා කළේය.
සෑහෙන කාලයකට පසු පාර්ලිමේන්තුවේ 225ම එකම අරමුණක් කරා යොමු වූ බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ක්‍රිඩා ඇමතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කිරීමට ගත් තීරණය වළක්වා ලමින් අභියාචනාධිකරණය ඊයේ වාරණ නියෝගයක් නිකුත් කර ඇත. දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය පලවා හැරිය යුතු බවට පාර්ලිමේන්තුවේ 225ම එක් වි යෝජනාවක් සම්මත කරගැනීමට හදන්නේ ඒ පරිසරය තුළය.