ශ්‍රියානි විජේසිංහ –
විකිරණවිද්‍යා තාක්ෂණවේදීන් බඳවා නොගැනීම හේතුවෙන් ඉදිරියේදි රෝහල්වල විකිරණ පරික්ෂණයන් මුළුමනින්ම නතර වීමේ අවදානමක් පැන නැගී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වන විට රෝහල්වල තාක්ෂණවේදීන් 650ක් පමණ සේවයේ නියුතු වන අතර විට ඔවුන්ගෙන් 5 – 6 දෙනෙකු පමණ මාසිකව විදේශගත වන බවත් මෙසේ විදේශගතවන්නන් වෙනුවෙන් ඇතිවන පුරප්පාඩු පිරවිමට නොහැකි වී ඇත්තේ පුහුණුව නිමකල සිසුන් බඳවා ගැනීම් අත්හිටුවා තිබීම හේතුවෙන් බවත් සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පැවසුවේය.
කොතලාවල ආරක්ෂක විදයා පීඨයෙන් සහ පේරාදෙණිය විශ්ව විද්‍යලයෙන් අධ්‍යාපන අවසන් කළ සිසුහු 150ට ආසන්න පිරිසක් වසර කීපයක සිට සීමාවාසික පුහුණුව සඳහා බදවා නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය තවත් උග්‍රවී ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.
රාජ්‍ය සේවයට අනුයුක්ත වීමට නම් මාස 6ක සිමාවාසික පුහුණුව අවසන් කළ යුතු බවත් මොවුන්ට සීමාවාසික පුහුණුව ලබා දෙනුයේ කොළඹ, නුවර මහ මහගම පිළිකා රෝහල් තුළ පමණක් බව සභාපතිවරයා පැවසුවේය.-