fbpx
ඉරිදා, මාර්තු 26, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු එක හමාරක දියණියට කුරිරු වද දුන් පියා අත් අඩංගුවට… දියණිය පොලිස් භාරයට…

by editor
මාර්තු 10, 2023
in පුවත්
510 5
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල්  ජයරත්න  –

විදේශ ගතව සිටින අනියම් බිරිඳගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා අවුරුදු එක හමාරක් වයසැති දියණියකට කෲර වධහිංසා ලබාදුන් තිස් හැවිරිදි තිදරු පියෙකු   පොලිසියට ලද තොරතුරක් අනුව අද (10) අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි,

සැකකරු නිත්‍යානුකූල විවාහයක් කරගෙන ඇති අතර ඔහු බකමූණ අතරගල්ලෑව ප්‍රදේශයේ තම නිවසට අවුරුදු එක හමාරක දියණිය ගෙන්වා කෲර වධහිංසා ලබාදෙමින්, පහරදෙන අයුරු වීඩියෝ කර අනියම් බිරිඳට යවා මුදල් ගෙන්වා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. ඩබ්ලිව්. උපුල් බොලුකඳුර   අප කළ විමසීමකදී සඳහන් කළේය.

දියණියට කෲර ලෙස වධ හිංසා කරන වීඩියෝ, පියා විසින් විදේශගත සිටින අනියම් බිරිඳට යොමු කර ඇති අතර එම වීඩියෝ වට්ස්ඇප් මාර්ගයෙන් වේයන්ගොඩ සිටින මවට යොමු කර ඒ පිළිබඳ වේයන්ගොඩ පොලිසියට පැමිණිලි කරන ලෙසට මව විසින් දැන්වීමෙන් අනතුරුව දියණියගේ ආච්චි විසින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවද බකමූණ පොලිසිය සඳහන් කරයි,

අත්අඩංගුවට ගත් සැකකරු දහවෙනිදා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද බකමූණ පොලිසිය සඳහන් කරයි.

අනියම් බිරිඳ මීට මාසතුනකට ඉහතදි කුවේට් රටේ ගෘහ සේවයට ගොස් ඇති අතර, අවුරුදු  එක හමාරක දියණිය,වේයන්ගොඩ පිහිටි ඇගේ මව ලග තබා විදේශ ගතව ඇති බවත්, මීට දින කිහිපයකට පෙරදී එම මව ළඟ සිටි අවුරුදු එකහමාරේ දියණිය පියාගේ බකමූණ අතරගල්ලෑව පිහිටි නිවසට ගෙන්වා ඇන්ටනා බට වලින් පහරදී වධ, හිංසා වලට ලක්කර ඇති බව පරීක්ෂණ පවත්වන බකමූණ පොලිසිය සඳහන් කරයි.

RelatedPosts

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

සැකකාර පියා සමඟ දියණිය පොලිස් බාරයට ගෙන පොලිසිය විසින් දියණියට අවශ්‍ය ආහාරපාන සහ අනිකුත් සියලු අවශ්‍යතා ලබාදීමට කටයුතු කර ඇති අතර අධිකරණ නියෝග අනුව, දියණියගේ අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරන බවද පොලිසිය කියයි.

බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් බොලුකදුර,  ගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බී. එස්. එම්. සෙනෙවිරත්න, කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති, කාන්තා උප පොලිස් පරීක්ෂක කලා වික්‍රමසිංහ, පොලිස් සැරයන් 50910 චන්දන යන පොලිස් නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Tags: නවතම
Share81Tweet51
Previous Post

වැසිකිලි කොමොඩ් එකක් සොරා ගත්තාට වසර තුනක සිර දඬුවමක්!

Next Post

රජයේ වෛද්‍යවරු ලබන 15 දා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් නිවේදනය කරයි!

Related Posts

Litro
පුවත්

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මාර්තු 26, 2023
Kaushalya-Nawaratne
පුවත්

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

මාර්තු 25, 2023
පුවත්

සෑම ඉසව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක ජාතික සංචිතයක් නඩත්තු කිරීමට ජනපතිගෙන් උපදෙස්!

මාර්තු 25, 2023
Next Post
doctor-strike

රජයේ වෛද්‍යවරු ලබන 15 දා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් නිවේදනය කරයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Litro

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

by editor
මාර්තු 26, 2023
0

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

by Lanka Sara Editor
මාර්තු 25, 2023 - Updated On මාර්තු 26, 2023
0

Kaushalya-Nawaratne

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

by editor
මාර්තු 25, 2023
0

සෑම ඉසව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක ජාතික සංචිතයක් නඩත්තු කිරීමට ජනපතිගෙන් උපදෙස්!

by editor
මාර්තු 25, 2023
0

IMF ණයෙන් ඉන්දීය ණය වාරිකයක් ගෙවා ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න සාකච්ඡා අරඹයි!

by editor
මාර්තු 25, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…
  • මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!
  • පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist