පළාත් පාලනය මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා නොදීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රිවරු අද පෙරවරුවේ දැඩි විරෝධතාවක් ආරම්භ කළ අකර මෙම දැඩි විරෝධතාව හේතුවෙන් සභාවේ වැඩ කටයතු හෙට දිනය දක්වා කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.
මන්ත්‍රීවරුන්ගේ අඛණ්ඩ විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තුවේ සුපුරුදු කටයුතුවලට බාධා වූ අතර ටික වෙලාවකින් කථානායකවරයා සභාව කල් තැබීම නිවේදනය කළේය.
මෙම විරෝධතාව ආරම්භ වූයේ මැතිවරණයට අදාළ මුදල් ප්‍රතිපාදන ලබා නොදීම සම්බන්ධයෙන් අද උදෑසන පාර්ලිමේන්තු සැසිය ආරම්භ වූ පසුව නැගී සිටි සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමෙන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සිය විරෝධතාව පළ කරමින් අදහස් දැක්වීමත් සමඟිනි.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මුදල් බලතල ඇත්තේ පාර්ලිමෙන්තුවට බවත් ජනාධිපති හෝ මුදල් අමාත්‍යංශ ලේකම් වෙන කවුරු හෝ මේ ක්‍රියා කරන ආකාරය නිවැරදි නොවන බව සඳහන් කළේය. එබැවින් මැතිවරණයට අදාල මුදල් වෙන් කර දෙන ලෙස පාර්ලිමෙන්තුව වෙනුවෙන් ඉල්ලීමක් කරන ලෙස ඔහු කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා සිටියේය.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ මන්ත්‍රි විමල් වීරවංශ මේ ආකාරයට මුදල් නැති කතාව ඉදිරියට දමා ඉදිරියේදී ජනාධිපතිවරණය මහ මැතිවරණයද කල් දමන්නට ජනාධිපති කටයුතු කරනු ඇති බවත් ඇතැම් විට පාර්ලිමෙන්තුවද වදයක් යයි සිිතුනොත් එයද මුදල් නැතිකම ඉදිරියට දමා අත්හිටුවන්නට කටයුතු කරනු ඇතියිද සඳහන් කරමින් ඊට විරොධය පළ කළේය.
පසුව විපක්ෂ මන්ත්‍රිවරු දියව් දියව් ඡන්දේ දියව් කියමින් අඛණ්ඩ විරෝධතාවයක නියැළුණි. විපක්ෂ මන්ත්‍රීවරු කථානායකවරයාගේ අසුන අසලට පැමිණ පුවරු ඔසවාගෙන විරෝධතාවයක නිරත වූහ.
කතානායකවරයා සභාව කල් දැමුවේය. මේ එම සම්පූර්ණ සිද්ධියයි…







