දිනසේන රතුගමගේ
යාපනයේ වඩමරච්චි උප්පුවෙල්ලයි හන්දියේදී පාසල් සිසුන්ට හා උපකාරක පන්ති සිසුන්ට මත්පෙති අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු මත්පෙති 560 ක් සමග නෙල්ලි අඩි පොලීසිය විසින් ඊයේ ( 23 ) අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් වයස අවුරුදු 27 ක් වූ මෙම තරුණයා එක් මත් පෙත්තක් රුපියල් 250 බැගින් අලෙවි කොට ඇති අතර නෙල්ලි අඩි පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ මත්පෙති විකුණමින් සිටින අතරවාරයේදීය.
සැකකටයුතු තරුණයා යාපනය මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නෙල්ලි අඩි පොලිසිය පියවර ගෙන තිබේ.







