බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

09 වැනිදා සිද්ධියට අත්අඩංගුවට ගත් අති බහුතරය ජ.වි.පෙ. නොවන බව පොලිසිය කීවා – විජිත හේරත්

තෙල් ඇමති කිව්වෙත් පල් බොරුවක්... වැලිගම සිද්ධියට ජවිපෙ ප්‍රාදේශිය සභා මන්ත්‍රී සම්බන්ධ නෑ - පොලිසිය පැහැදිලි කළා...

by editor
මැයි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 09 වැනිදා සවස සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා අත්අඩංගුවට ගත් පිරිස අතරින් අති බහුතරය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් නොවන බව පොලිස් වාර්තා තහවුරු කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්  පැවසුවේය.

මෙම අපරාධයට වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව ප්‍රකාශ කරමින් සෙසු දේශපාලන පක්ෂ කරන චෝදනා සඳහා පැහැදිලි කරගැනීමක් සිදුකර ගැනීමට අද (23) කොළඹ පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර විසින් වැලිගම දී බලහත්කාරයෙන් ඉන්ධන බවුසරයක් ගොඩබෑමේ සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සම්බන්ධ බව කී කතාව පූර්ණ අසත්‍යයක් බවත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් ලබා දුන් වැරදි තොරතුරක් මත ඇමතිවරයා කළ ප්‍රකාශය  ඉතාම හානිකර එකක් මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ විනි.

එහිදී මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙසේ ද පැවසුවේය.

“ආණ්ඩුවේ මැර කණ්ඩායම්  ගෝල්ෆේස් සාමකාමී උද්ඝෝෂකයින්ට පහර දීමෙන් අනතුරුව පසුගිය 09වැනිදා සවස   බොහෝ තැන්වල ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණා. ගෙවල් ගිනි තැබීම්, විනාශ කිරීම් සිදු වුණා.“

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“මේ සිදුවීම් පිටුපස ජනතා විමුක්ති පෙරමුණ ඉන්න බව කියන්න පහුගිය දවස්වල ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් විශාල උත්සාහයක් දැරුවා. ඔවුන් විවිධ අභූත චෝදනා නැගුවා. කිසිදු සාක්ෂියක් තොරතුරක් නැතිව ඒ සියල්ල ජනතා විමුක්ති පෙරමුණ මත පැටෙව්වා. මේ කරුණුවල සත්‍ය අසත්‍යතාව දැනගන්න අපට අවශ්‍ය වුණා. “

“මේ සිදුවීම්වලට අදාළව ජනතා විමුක්ති පෙරමුණේ අය අත්අඩංගුවට ගෙන තිබෙනවාද, චෝදනා තිබෙනවාද, අනෙකත් දේශපාලන පක්ෂවල අය අත්අඩංගුවට ගෙන තිබෙනවාද, ඔවුන්ට චෝදනා එල්ල කර තිබෙනවාද කියන කරුණු පොලිස්පතිවරයාගෙන් දැනගන්න අපට අවශ්‍ය වුණා. “

“මේ සිදුවීම්වලට අදාළ චෝදනා ලැබූ අති බහුතරයක් අපේ පක්ෂයට සම්බන්ධ අය නොවන බව පැහැදිලි වී තිබෙනවා. පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලැබුණු වාර්තා අනුව මේ අත්අඩංගුවට ගත් අයගෙන් වැඩි පිරිස ජවිපෙට කිසිදු සම්බන්ධයක් නැහැ. ඔවුන් වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධකම් හා බැදීම් ඇති අයයි.. නැතිනම් ඍජුවම සම්බන්ධකම් ඇති අයයි.

නමුත් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී විවිධ ඇමතිවරුන් නම් ප්‍රකාශ කරමින් අපේ පක්ෂයට චෝදනා එල්ල කළා. මේ චෝදනා සම්පූර්ණ අසත්‍යයක්. පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක් සමග පැවති සාකච්ඡාවේදී මෙය නිරවුල් කරගැනීමට අපට අවස්ථාව ලැබුණා. ඔවුන් විසින් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පිරිස්වල සංඛ්‍යාත්මක දත්ත ඉදිරිපත් කළා.

ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් සම්බන්ධව දේශපාලන භේදයෙන් තොරව නීතිය ක්‍රියාත්මක  කරන ලෙසත් අභූත චෝදනා ඉදිරිපත් කිරීමට ඉඩ නොතබන ලෙසත් අපි මෙහිදී ඉල්ලා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ තීන්දු ගෙන නොමැති බවත් ජවිපෙ සාමාජිකයන් දේශපාලන තීන්දුවක් මත එවැනි කිසිදු ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බවත් අපි අවධාරණය කළා. ඒ වගේම ආණ්ඩුවේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් විසින් ව්‍යාප්ත කිරීමට උත්සාහ දරන වැරදි මත වෙනස් කිරීමට මැදිහත් වන ලෙස අපි පොලීසියෙන් ඉල්ලා සිටියා.

විජිත හේරත් මන්ත්‍රීවරයා කීවේය.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති  කතා කරමින්

වැලිගමදී ඩීසල් බෙදාහැරීමට බාධා කිරීමට ජවිපෙ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් කටයුතු කළ බවට කාන්චන විජේසේකර තෙල් ඇමතිවරයා මාධ්‍ය හමුවක් පවත්වා කළ කතාව පිළිබඳ පොලිසියෙන්ම ඉල්ලීමක් කර සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගත් බව පැවසුවේය.

තෙල් ඇමතිවරයා එම ප්‍රකාශය කළ  අවස්ථාවේදීත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් තමන්ට කතා කර මේ පිළිබඳ විමසූ බව ඔහු කීවේය.

“අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සිටියේත් තෙල් පෝලිමේයි. මීට අදාළ වීඩියෝ තියෙනවා.   මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයායැයි හිතාගෙන කතා කරන්නේ වෙනත් අයෙකුටයි. ඔහු රතු ටී ෂර්ට් එකක් ඇඳි කෙනෙක්.

කෙනෙක් රතු ටී ෂර්ට් එකක් ඇඳ ගත් පමණින්   ජේවීපී වෙන්නේ නැහැ. එයවත් නොතේරෙන ලෙස කටයුතු කර අවසානයේ රටේ කඩාකප්පල් වැඩ කරන්න යන්නේ ජේවීපී එක බවට මාධ්‍ය තුළ මතයක් හදන්න හදනවානම් එය මුළුමනින්ම වැරදියි. එය නිවැරදි කිරීමට අප මැදිහත්වනවා වගේම එම වගකීම ආරක්ෂා කිරීම නීතිය රකින අයට තිබෙනවා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

 21ට එරෙහි පොහොට්ටු යෝජනාවට එකඟද නැද්ද?… පොහොට්ටුවේ 10 කණ්ඩායමේ තීන්දුව  අද සවස!

Next Post

දේශබන්දු කියා ඇත්තේ අමූලික බොරු… ප්‍රකාශයක් දුන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.