එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට තුන්වන මාත්‍රාවක් (බූස්ටඩෝස්) ලබා දීම සඳහා ෆයිසර් එන්නත් මිලියන 14ක ප්‍රමාණයක් මේ වනවිට බෙල්ජියමෙන් ඇනවුම් කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත නිෂ්පාදන සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක සදහන් කරයි.
මෙසේ ඇනවුම් කල එන්නත් මිලියන 14ක ප්‍රමාණය ලබන දෙසැම්බර් මාසය වනවිට මෙරටට ලැබීමට නියමිත යැයි හෙතෙම පැවසීය.
ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක ප්‍රමාණයක් මේ වන විට මෙරටට ගෙන්වා ඇති බවත් එය මේ වන විටත් වසංගත රෝග විද්‍යා අංශය නිර්දේශ කර ඇති වයස් කණ්ඩායම් වෙත ලබා දෙමින් සිටින බවත් දසනායක සඳහන් කළේය.
මෙම තුන්වන මාත්‍රාව ලබා දෙන්නේ කාටද යන වග මෙතෙක් තීරණය කර නොමැති බවත් ඉදිරියේදී වසංගත රෝග විද්‍යා අංශය මගින් එය තීරණය කරනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
මේ දිනවල ෆයිසර් එන්නත පාසල් ළමුන්ට ලබා දීම ආරම්භ කර ඇති බැවින් එය එක්මාත්‍රාවකට පමණක් සීමා කිරීමට වසංගත රෝග විද්‍යා අංශය කටයුතු කර ඇතැයිද සඳහන්වේ.