සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු විස්දීම සදහා තම නිල බලය යටතේ කටයුතු නොකර, වෘත්තීය අරගලය මර්ධනය කිරීම සදහා හොර ලෙඩ්ඩු අධිකරණය වෙත යැවීමේ උත්සාහයක යෙදෙන බව තොරතුරු දැන ගන්නට ලැබී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.
එම උත්සාහයට අනූව කොයි මොහොතේ හෝ හොර ලෙඩෙකු අධිකරණය ඉදිරියට පැමිණවීමට ඉඩ කඩක් ඇති බැවින්, මේ රටේ නීතිය නොමග යැවීමට උත්සාගන්නා එම ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහයට හසු නොවන ලෙස, සෞඛ්‍ය වෘත්තීයවේදීන් ලෙස, නීතිය රකින පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනබව එම සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම සුලු මුදලකට හොර ලෙඩෙකු රඟපෑමට ගොස් අමාරුවේ නොවැටෙන ලෙස ජනාතාවගෙන් එම සම්මේලනය ඉල්ලා සිටි.
සුළු මුදලකට රගපෑමට ගොස්, වෘත්තීය සමිති වෙත වන්දි ගෙවීමට සිදුවූ හොර ලෙඩුන්ද ඉතිහාසයේ සිටි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.







