සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරකමකට කියා අහිංසකයෙක් අත් අඩංගුවට අරන් කෙලින් ඉන්න බැරිවෙනකම් ගහලා… පස්සේ සොරි වැරදිමක් කියලා ගෙදර එවලා… ගුටි කෑ තරුණයා හම්බන්තොට රෝහලේ… තිස්සමහාරාම පොලිසියේ පොලිස් වික්‍රමයක්!

by editor
අගෝස්තු 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • හොරකමක් පිළිබදව අනාවරණය කර ගැනීමට තිස්ස පොලිසිය පුද්ගලයෙකුට අමානුෂිකව පහර දීලා… වැරදීමකින් අත්අඩංගුවට ගෙන පහරදුන් බව පවසා පොලිසිය පසුව පුද්ගලයාව මුදා හැරලා,

  • මෙවැනි ක්‍රියා සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම අවනම්බුවක්. හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක කියයි.

තිස්සමහාරාම ප්‍රදේශයේදී කාන්තාවක රවටා ඇය සතු වීසා කාඩ් පත රැගෙන ATM යන්ත්‍රයකින් මුදල් වංචා කළේ යැයි සැකපිට පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඔහුට මහ මග දිගේ පහරදෙමින් පොලිසියට රැගෙන ගොස් පොලිසියේ දි ද අමානුෂික පහරදීමට ලක් කළ පසු තමන් අත් අඩංගුවට ගෙන මෙතෙක් වේලා පහරදී ඇත්තේ මුදල් වංචා කළ පුද්ගලයා නොව, නිවැරදි පුද්ගලයෙකුට බව අනාවරණය වීම නිසා ඔහුව පොලිස් අත් අඩංගුවනේ මුදාහල පුවතක් තිස්සමහාරාම පොලිසියෙන් වාර්තා වේ.

හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක තරංග එල්.පටබැදි මේ සිද්ධිය අනාවරණය කරමින් අද (05) පැවසුවේ මේ අකාරයේ නිරපරාදයේ අමානුෂික පහරකෑමට ලක් වී තිස්සමහාරාම මාතර ධාවනය කරනු ලබන දුරගමන් සේවා බස් රථයක කොන්දොස්තර වරයෙකු ලෙස කටයුතු කරන අම්බලන්තොට මාමඩල, නුගේවල, අංක 16 ලිපිනයේ පදිංචි විතාරණ හෙට්ටි ආරච්චිගේ අමීෂ මධුරංග නැමති 23 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

මෙම අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති වරයාට හා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු වගකිවයුතු පාර්ශව වෙත පැමිණිළි කිරීමට කටයුතු කළ බවත්හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක තරංග එල්.පටබැඳි පැවසුවේය.

ඔහු පෙන්වා දෙන්නේ හොරකමක් අනාවරණය කර ගැනීමට කියා මෙලෙස පුද්ගලයන් හිතුමතේ අත්අඩංගුවට ගෙන ප්‍රසිද්ධියේ හා පොලිස් ස්ථානයට රැගෙන ගොස් පහරදීම නින්දිත නීති විරෝධී ක්‍රියාවක් බවය.

මෙවැනි කටයුතුවලින් සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් වන බවත් පැවසූ සම්බන්ධිකාරකවරයා මේ සම්බන්ධයෙන් ගත හැකි උපරිම නීති සහාය ලබා ගැනීමට කටයුතු කරන බව අවධාරණය කළේය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

සිද්ධියට මුහුණ දුන් 23 හැවිරිදි විතාරණ හෙට්ටි ආරච්චිගේ අමීෂ මධුරංග තරුණයා මෙලෙස පැවසීය.

“මම පසුගිය 02 වන දින සුපුරුදු පරිදි බස් එක තිස්සමහාරාමයේ ඉදලා මාතරට යන්න ස්ටෑන්ඩ් එකෙන් දැම්මා විතරයි. ඒ වෙනකොට වෙලාව සවස 4.25ට විතර ඇති. මගීන් බස් එකට නන්වගෙන බස් එක ස්ටෑන්ඩ එකෙන් එළියට දමලා යන්න යනකොට තිස්සමහාරාම පොලිසියේ සිවිල් ඇඳුමින් සැරසුන කොනක් ඇවිත් බස් එකට නැගලා බස් එක නවත්වන්න කිව්වා.

බස් එක නැවැත්තුවාම තවත් පොලිස් නිළධාරීන් තුන් දෙනෙක් ඇවිත් කෝ උඹ අනුන්ගේ බැංකු කාඩ් එකක් අරන් ගත්ත සල්ලි කියා මට කුණු හරුපෙන් ඔක්කොම ඉස්සරහා බැනවදිමින් පහර දුන්නා. මම මේ ගැන මොකුත් දන්නේ නෑ කියද්දිත් මට එක් නිලධාරියෙක් ඔළුවට පහර දිලා අතට මාංචු දමලා මූ මහ හොරෙක් කියලා බස් එකේ අයටත් වටේ හිටිය අයටත් කියලා මාව පොලිසියට අරන් ගියා.
මාව පොලිසියට අරන් ගිහින් පොලීසියේ කෙනෙක්ගේ ෆෝන් එකේ තිබුණු විඩියෝ එකක් පෙන්නලා මගෙන් අහනවා මේ ඉන්නේ උඹ නේද කියලා. ඒ ඉන්නේ මම නෙමේ කියද්දීත් පොලිසිය මට හොඳටම ගැහුවා. වරද බාරගනින් කිය කියා මට දිගටම පොලිසිය ඇතුළෙ දමාගෙන පහර දුන්නා.

මම පොලිසියේ කාමරයකට ගෙනිහින් තමා මේ පහරදිම සිදුකළේ. මම වැදලා කිව්වා අනේ සර් මම නෙමේ මේ වීඩියෝ එකේ ඉන්නේ. මම මේ ගැන දන්නේ නෑ කියා. ඒත් ඇහුවේ නෑ. උඹ ඇත්ත කියන්නේ නැත්නම් ඇත්ත වමාරන හැටි දන්නවා කියමින් පොලිසියේ එක්කෙනෙක් යකඩ පොල්ලක් අරන් ආවා මට ගහන්න. තවත් ගුටි කන්න බැරි නිසා මම කිව්වා හරි මම වරද පිළීගන්නම් කියලා.

එතකොට තමයි ගහන එක නැවැත්තුවේ. සොරකම් කළ මුදල් කෝ කියලා ඇහුවම මම කිව්වා අන්න මගේ ගෙදර එල්ලලා තියෙන රතු පාට ෂර්ට් එකේ සාක්කුවේ තියෙනවා ගිහින් ගේන්න කිව්වා. ඊට පස්සේ පොලිසියේ අය මම ඒ කාමරයට දාලා දොර වහලා ගෙදරට ගියා පරීක්ෂා කරන්න කියලා.

ඒ ගිය පොලිස් නිළධාරීන් මගේ ගෙදර කමීසයේ සාක්කුවේ තිබුණු බිල් ටිකක් පොලිසියට අරන් ඇවිත් මේ මොනවද කියලා මගෙන් ඇහුවා. මම කිව්වා සර්ලා මට මොකුත් කියන්න නොදි පහර දුන්න නිසයි මම වරද බාරගත්තේ කිව්වා. ඇත්තටම මේ සිදුවිම වුනා කියන 30 වෙනිදට කලින් ඒ කියන්නේ ජූලි 29 වෙනිදා මම මගේ ගෑණු ලමයා එක්ක නුවර ගියා. එදා රෑ මම මගේ ගෑණු ලමයා එක්ක හිටියේ නුවර දළදා මාලිගාව ලඟ හෝටලයේයි. ඒකේ බිල තියෙනවා.

30 දින අපි උදේ 09ට විතර තමයි හෝටලයේ ඉඳන් කොළඹ ආවේ. ඒ ඇවිත් බස් එකට ලයිට් බඩු ගත්තා කොළඹින්. පොලිසියේ අය මම වගේ කෙනෙක් කියලා මට පෙන්නන් සිසීටීවී දර්ශනයේ තියෙන සිද්ධිය වෙනකොට මම හිටියේ කොළඹ.

කොහොමහරි මාව පොලිසියෙන් අරන් ගිහින් කියලා මගේ ගෙදරින් දැනගෙන මගේ තාත්තා පොලිසියට ආවා. ඒ ආවම පොලිසියේ අය තාත්තට කියලා තිබුණා පොඩි වැරදිමක් වෙලා ගෙනත් තියෙන්නේ කියලා. තාත්තට මාව ඇප තියලා අරන් යන්න කිව්වා.” යැයි ඔහු පැවසීය.

ඒ අනුව කිසිදු වරදක් නොමැතිව පොලිස් අත්අඩංගුවට පත්ව පහරකෑමට හා නින්දාවටත් අපහසුතාවයටත් පත්විම නිසා අගතියටපත් තරුණයා විසින් මේ සම්බන්ධයෙන් හම්බන්තොට මානවහිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට ගොස් ඔහුට සිදු වු අසාධාරණය පිළිබදව පැමිණිලි කර ඇත.

පසුව ඔහු ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු වගකිවයුතු පාර්ශව වෙත ලිඛිත පැමිණිල්ලක් සිදු කර තිබේ. ඉන් අනතරුව ඔහු ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත්ව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමාජ ජාල වෙබ් අඩවි භාවිතයට යොමුකර දරුවන් අපයෝජනයට අවස්ථා විවර කරන කලියුගයේ ගුරුවරු…

Next Post

75 වසරක් ඉතිහාසයට යන්න එපා… පහුගිය සති දෙකේ මේ කැත දේශපාලනය හැසිරුණ හැටි බලන්න… මව්බිම මුහුණ දී ඇති ඛේදවාචකය තේරුම් ගත හැකියි.. අනුර කුමාර දිසානායක!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.