සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සමාජ ජාල වෙබ් අඩවි භාවිතයට යොමුකර දරුවන් අපයෝජනයට අවස්ථා විවර කරන කලියුගයේ ගුරුවරු…

by editor
අගෝස්තු 5, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ  
නීති වෛද්‍ය නිලධාරී, ජාතික රෝහල මහනුවර –

  • සමාජ මාධ්‍ය හරහා ගැහැණු ළමුන් අපයෝජනය කිරීම් වැඩිවීමක්. ගුරුවරුන් සමාජ ජාල වෙබ් අඩවි මගින් පාසල් වැඩ පැවරුම් ගෙදර වැඩ දරුවන්ට යොමු කිරීම වහාම නැවැත්විය යුතුයි.

  • දරුවා ගැන මොනතරම් විශ්වාස කළත් ඔහු හෝ ඇය සමාජ මාධ්‍ය සැරිසන ආකාරය ගැන සැලකිළිමත් වෙන්න… එය දරුවන් ආක්ෂා කිරීම සඳහා බැඳී සිටින සෑම  අම්මා කෙනෙකුගේ, තාත්තා කෙනෙකුගේ වගකීමක්…

සමාජ ජාල වෙබ් අඩවි මගින් ගොඩනගා ගන්නා සබඳතා ඔස්සේ බාල වයස්කාර පාසල් දැරියන් අපයෝජනය වීමේ සිදුවීම් මේ වන විට වැඩි වැඩියෙන් වාර්තා වෙනවා.

විශේෂයෙන්ම වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරමින් නිර්මාණය කරගන්නා විවිධ කණ්ඩායම් තුළ මේ අන්දමේ නොයෙකුත් අපචාරයන් සිදුවන බව දක්නට ලැබෙනවා. මෙම ගෲප් වල ඉන්න අය බොහෝ විට පුද්ගලයන් විදිහට එකිනෙකා දන්නා හඳුනන අය නොවෙයි. විවිධ වයස්වල පුද්ගලයන් එහි සාමාජිකයන් ලෙස ඉන්නවා. නව යොවුන් වියේ දරුවන් මේ තුළ ඉතා අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබෙනවා.


මීට දින කිහිපයකට පෙර වාර්තා වූ එවැනි සිද්ධියකදී පාසල් යන පාසල් වැඩ හොඳින් කරන මහනුවර ප්‍රසිද්ධ විද්‍යාලයක රූමත් තරුණ දියණියක් වයස 19 ක පුද්ගලයෙකු සමග පැන ගියා. පසුව එම ගැහැණු ළමයා පසුදා තම දෙමාපියන්ට තමා ඉන්න තැන දැන්වූ පසු දෙමාපියන් ගොස් ඇයව රැගෙන පැමිණියා. මා ඇගෙන් විස්තර විමසීමේදී ඇය පවසා සිටියේ ගෙදර අම්මා නිතර පාඩම් කරන්න කියලා බනින නිසා මේ පුද්ගලයා සමග පැනගිය බවයි. ඒ පුද්ගලයා තමාට හමු වූයේ whatsapp group එකක් මගින් බවත්, වසර දෙකක පමණ කාලයක් ඔහු හඳුනාගෙන ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.

මෙම වට්ස්ඇප් ගෘප් එක ගැන මම තවදුරටත් විස්තර විමසූ විට ඇය කියා සිටියේ තමන්ව එම ගෘෘප් එකට එකතු කළේ තම පන්තියේම මිතුරියක් බවයි. එම ගෲප් තුළ ගොඩක් දෙනා ඉන්න බවත් තමන් පෞද්ගලිකව එම පුද්ගලයන් අඳුරන්නේ නැති බවත් ඇය කිව්වා. මේ කියන පුද්ගලයාගේ “status” බලලා තමන් විසින් මුලින්ම ඔහුට “මැසේජ්” කළ බවත් පසුව මාස හයක් පමණ “චැට්” කිරීමෙන් අනතුරුව ඔහු සමග ප්‍රේම සබඳතාවක් ආරම්භ කළ බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.

මුලින්ම ඔහුගේ නිවැරදි තොරතුරු ලබාදීමට ඔහු අදි මදි කළ බවත් නමුත් පසුව ප්‍රේම සබඳතාව ඇරඹූ පසුව ඔහුගේ නිරවැරදි තොරතුරු ලබා ගැනීමට හැකි වූ බවත් ඇය කියා සිටියා.

ඉන් අනතුරුව කිහිප දිනක් මහනුවර නගරයේදී ඔවුන් හමුවී ඇති අතර පසුගිය සතියේ, එම දැරියගේ මව ,ඇය පාඩම් නොකරන නිසා ඇයට බැණ වැදුන බැවින් ඇය තමාගේ ප්‍රේමවන්තයා සමග පැනයාමට තීරණය කොට ඔහු සමග පැන ගොස් පසුව එදින රාත්‍රී පිරිමි පුද්ගලයාගේ ආච්චි පමණක් සිටි නිවසේදී ලිංගික සබඳතා පවත්වා තියනවා.

දැරියගේ වයස අවුරුදු 16 ට අඩු නිසා ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සබඳතා පැවැත්වීම දණ්ඩ නීති සංග්‍රහයේ 364 (ඉ) වගන්තිය යටතේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණයක් වන බැවින් චූදිතයාට ඉදිරියේදී මහාධිකරණය මගින් දඬුවම් නියම කරනු ඇති. ඒ සඳහා අවම අනිවාර්ය වසර දහයේ සිට විස්ස දක්වා සිර දඬුවම් සහ දඩයක් දඬුවම් ලෙස දණ්ඩන නීති සංග්‍රහයේ දක්වා තියනවා.

මෙහිදී මෙම සමාජ ජාල වෙබ් අඩවි අපේ සමාජයේ දරුවන්ට සිදු කරන බලපෑම පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුයි. පාසල් වියේ ගැහැණු දරුවන් විශාල ප්‍රමාණයක් මේ අන්දමින් අපයෝජනයන්ට ගොදුරුවීම වී ඇති අතර එය මේ මොහොතේත් අනාගතයේත් සිදුවනු ඇති.

මම මෙම දැරියගේ පියා සමඟ සාකච්ඡා කිරීමේදී මම ඔහුගෙන් විමසා සිටියේ ඔබ ජංගම දුරකථනය මෙම දැරියට ලබා දුන්නේ ඇයිද යන්නයි. එවිට ඔහු කියා සිටියේ පාසලේ දිනපතා ගෙදර වැඩ එවන්නේ whatsapp එකට නිසා ඔහුට ජංගම දුරකථනය දැරියට භාවිතා කිරීමට දීමට සිදුවන බවයි. තමන් සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධව තාක්ෂණික කරුණු හෝ විස්තරාත්මක කරුණු නොදන්නා බැවින් එය අවභාවිතා කළ හැකි බව තමා නොදැන සිටි බවත් ඔහු කීවා.

තමාගේ දියණිය ඉතාම කීකරු බවත් ඒ නිසා සැක කිරීමට කිසිවක් නොතිබූ බවත් ගෙදර කිසිදු ගැටලුවක් නොතිබූ බවත්, ඇගේ මෙම ප්‍රේම සබඳතාව පිළිබඳව කිසිවක් තමන් නොදන්නා බවත් තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියා.

ප්‍රේම සබඳතා පමණක් නොව ප්‍රේම සම්බන්ධතා නොමැතිව හුදු ලිංගික සබඳතා පමණක් පැවැත්වීමටත්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහාම වන මෙවන් groups විශාල ප්‍රමාණයක් whatsapp ජාලය තුළ තියනවා. මේවාට පාසල් දරු දැරියන් එකතු කර ගැනීම විවිධාකාරයෙන් සිදු කරනු ලබනවා. සමහර විට එම කණ්ඩායම්වල අධ්‍යාපන වැඩකටයුත්තක් ලෙස පෙනී යාම සඳහා පාසලේ නම භාවිතා කරන්නත් පුළුවන්. එවිට අහු වුනත් දෙමාපියන් සිතන්නේ එය පාසලේ අධ්‍යාපන කටයුත්තකට අදාල දෙයක් බවයි.

චැට් පණිවිඩ නිශ්චිත කාලයකට පසු ඉබේ මැකී යාමට “පෙර සැකසුම් “සකස් කළ හැකි නිසා මෙන්ම “chat” අගුළු දැමීමට හැකි වීම නිසාත්, ගෘප් සඟවා තබා ගැනීමට හැකි නිසාත් බොහෝ දෙමාපියන්ට වඩා පරිගණක සහ ජංගම දුරකථන පිළිබඳ සාක්ෂරතාවය වැඩි ළමයින් දෙමාපියන්ට ගුරුවරුන්ට හොරෙන් මෙම කණ්ඩායම්වල සාමාජිකයන් බවට පත්ව ඇති බව පෙනී යනවා.

කොවිඩ් වසංගත කාලයේ ජංගම දුරකථන භාවිතාවෙන් පාසල් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ගුරුවරුන් විසින් කටයුතු කරනු ලැබුවා. නමුත් එයද අහිතකර ප්‍රතිඵල රාශියක් ගෙන දෙන්නක් වුනා. දරුවන්ගේ ඇස් පෙනීම අඩාල වීම, බෙල්ලේ කැක්කුම, හිසරදය, මානසික ව්‍යාකූල භාවය, කලබලකාරී ගතිය ,බෝනොවන රෝග ඇතිවීම සහ ජංගම දුරකථන භාවිතයට ඇබ්බෙහිවීම වැනි අහිතකර ප්‍රතිඵල තිබියදී, ජංගම දුරකථන නොමැති සහ ඒ සඳහා දුරකථන සංඥා නොමැති ප්‍රදේශවල දරුවන්ට පවා ,ඒ ගැන නොසිතමින් ගුරුවරුන් සිතුමතේ අන්තර්ජාලය උපයෝගී කරගනිමින් දරුවන්ට උගන්වන්න කටයුතු කළා.

ජංගම දුරකථන නොමැති දරුවන් මෙන්ම එකම නිවසේ පාසල් දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න විට එකම ජංගම දුරකථනයට තරගකාරී තත්ත්වයක් ඇතිවීම තුළ පවුල ඇතුළත ගැටුම් පවා ඇතිව තිබුණා. අධ්‍යාපනයේ අයිතිය සැමට සමව තිබීම මූලික අයිතියක්ව තිබියදී ,මේ අවධියේ ස්මර්ට් ජංගම දුරකථන සහ අන්තර්ජාල සබඳතා තිබූ දරුවන්ට පමණක් අධ්‍යාපනය ලබාදීම මගින්; ඇත්තෙන්ම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්ද වුණා

කෙසේ වෙතත් වර්තමානයේදී එවන් වසංගත තත්ත්වයක් නොමැති නිසා අධ්‍යාපන කටයුතු සඳහා සමාජ මාධ්‍ය ජාල භාවිතය කිසිසේත්ම අනුමත කළ හැක්කක් නොවෙයි. මෙමඟින් බව යොවුන් වියේ දරුවන්, විශේෂයෙන්ම ගැහැණු දරුවන් තමන්ගේ ලිංගික හෝමෝන ක්‍රියාත්මක ආරම්භ වෙන කාලයේ ඇතිවන කායික සහ මානසික වෙනස්වීම් සහ උත්තේජනයන්ට ගොදුරු වීම සඳහා ප්‍රබල අවකාශයක් සලසනවා

ගුරුවරයාට පන්තියේ පාසල් ළමයින්ට ගෙදර වැඩ ලබාදීමට අවශ්‍ය නම් එය කළ යුත්තේ පාසල් කාලය තුළ මිස ගෙදර ගියාට පසු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ නොවන බව අවධාරණය කළ යුතු වනවා.. එසේ නොවීම තුළ මෙමගින් ගැටලු රාශියක් ඇති කරනු ලබනවා.

දෙමාපියන් වැඩ ඉවර කරලා ගෙදර එනකොට රෑ හතයි අටයි.., පහුවෙනිදාට පාසලට අරගෙන යන්න ඕනෑ දේවල් ගුරුවරයා මේ ගෲප් වලට යොමු කළාම මේ මහ රෑ දෙමාපියන් කොහොමද ඒවා හොයන්නේ ? . එපමණක්ද නොවේ වර්තමානයේ පාසල් දරුවන්ට නිවසේ මුද්‍රණ යන්ත්‍රයක් (Printer ) තබා ගැනීමට අවශ්‍ය වන තරමටම මුද්‍රිත පිටපත් (print outs) ලබා ගන්නා ලෙස ගුරුවරුන් නියෝග කරන අයුරු දක්නට ලැබෙනවා. මේක කිසිසේත්ම අනුමත කළ හැකි දෙයක් නෙවෙයි.

පාසලේ සමහර විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා දරුවන් පාසල් වෙලාවෙන් පසුව පාසලේ රඳවා ගන්නා බව කල්වේලා ඇතිව පූර්ව දැනුම් දීමකින් තොරව එකවරම සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ දැනුම් දී දරුවන් රඳවා ගැනීම මගින් දරුවන්ගේ ප්‍රවාහනය සහ ආරක්ෂාව සම්බන්ධව දෙමාපියන් බලවත් අපහසුතාවයකට ලක්වෙනවා.

ළමයින් ජීවත්වන්නේ දවස පුරාම පාසැල් වැඩ ඉගෙන ගැනීමට පමණක් නොවන බව ගුරුවරුන් මතක තියාගත යුතු වෙනවා දවස පුරාම පාසල් තියන්නේ නැතුව දහවල් එකහමාර වන විට පාසල් අවසන් කරන්නේ දරුවාගේ මනසට දරාගත හැකි අධ්‍යාපන කාලය එපමණක් වන නිසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විෂය නිර්දේශය සකස් කොට ඇත්තේ පාසල තුළ එය උගන්වා අවසන් කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබාදෙමිනුයි. එම කාලය තුළ නියමිත පරිදි උගන්වා අවසන් කිරීමට නොහැකි නම් එය ගුරුවරයාගේ දුර්වලතාවයක්.

උදාහරණයක් ලෙස පන්තියේ සතියක් උගන්වන දේ ටියුෂන් පන්තියේ පැය දෙකකින් උගන්වනු ලබනවා. එසේ නම් පාසලේදී එසේ කළ නොහැකි වීමට කිසිදු හේතුවක් නැහැ.
ගුරුවරුන්ට සමාජ වෙබ් අඩවි ජාලා ඔස්සේ ගෲප් හදාගනිමින් සිය පන්තිවල ළමයින්ට, තමන්ට මතක් වෙන මතක් වෙන වෙලාවට විවිධ උපදෙස් දෙන්න අයිතියක් නැහැ. හැමෝටම ජංගම දුරකථන නොමැති නිසා එසේ කිරීම සඳහා ගුරුවරුන්ට සදාචාරාත්මක හෝ නෛතික හැකියාවක් නැහැ. එය ඇත්ත වශයෙන්ම ළමයින්ගේ මූලික අයිතිවාසිකම් ද උල්ලංඝනය වීමක්. අනාරක්ෂිත වීමක්.

මේ නිසා මේ පිළිබඳව වහාම අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු වනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිදු අනුමත කිරීමකින් තොරව ගුරුවරුන් අත්තනෝමතිකව දරුවන් සමාජ ජාල වෙබ් අඩවි වෙත නිරාවරණය කිරීම නැවැත්වීමට වහාම චක්‍රලේඛනයක් නිකුත් කළ යුතු වනවා.

ඒ වගේම දෙමාපියන් වහාම සිය දරුවන් භාවිතා කරන ජංගම දුරකථන රැගෙන එහි ඇති සියලුම සමාජ ජාල වෙබ් අඩවි පරීක්ෂා කොට,එහි ඇති කණ්ඩායම් පිළිබඳව සොයා බැලිය යුතු වනවා. සමහරවිට දරුවන් විසින් ඒවා සඟවා හෝ අගුළුලා තිබීමට හැකියාව තියෙනවා ඒ නිසා තමන් තාක්ෂණය පිළිබඳව වැඩිදුර නොදන්නේ නම් ඒ පිළිබඳව නිපුණතාවක් ඇති විශ්වාසදායී පුද්ගලයෙකු වෙතින් ඒ පිළිබඳව පරීක්ෂා කරගන්න පුලුවන්.

සියලුම දරුවන් තමන්ට කොතෙක් විශ්වාස වුවත්, තමන් කොතරම් ආදරය වුවත් ඔවුන් දුරකථනයේ සමාජ ජාල වෙබ් අඩවි තුළ සැරිසරන ආකාරය අනිවාර්යයෙන්ම නිරීක්ෂණය කරන්න අවශ්‍යයයි.

සමහර පාසල් වලින් මා හට දේශන වලට ආරාධනා කරනවා විශේෂයෙන්ම හත අට වසර සිට ගැහැණු දරුවන් වැඩිහිටි පිරිමි විශේෂයෙන්ම කොණ්ඩෙ පාට කරලා කරාබු දාලා ඉන්න මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයන් සමග සබඳතා පවත්වන බවත් ඒ පුද්ගලයින් වෙනුවෙන් එකිනෙකා සමග සණ්ඩු කරගන්නා බවත් ඒ නිසා එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා උපකාර කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

මේ නිසා දෙමාපියන් හැමෝටම තම දරුවන් කොච්චර උස්මහත් වුණත් ඒ අය තවමත් කුඩා දරුවන් ලෙස පෙනෙන්න පුළුවන්.තමන්ට කවදාවත් බොරුවක් නොකරන අවංක දරුවන් බවට විශ්වාස කරන්න පුළුවන්. නමුත් අත්දැකීම් වලින් අපට පෙනී යන්නේ එය එසේ නොවන බවයි. මක්නිසාද යත් දරුවන් එය සිතා සිතා කරන බොරුවක් නොව සිය සිරුරේ අලුතින් ක්‍රියාත්මක වන හෝමෝන නිසා මෙහෙයවන තත්වයක් බව දෙමාපියන් තේරුම් ගත යුතු වනවා.

එම නිසා තමාගේ දරුවන් කෙරෙහි සෑම විටම අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යම කරුණක්.

අපගේ සමාජය තවමත් ජංගම දුරකථන ආරක්ෂිතව දරුවන්ට පරිහරණයට ලබාදීමට තරම් පරිණත වූ සමාජයක් නොවන නිසා සෑම විටම සිය දරුවන් ජංගම දුරකථන වලින් ඈත් කොට තබා ගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරනවා

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

‘මිහිකතගේ ගීතය’ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය අගෝස්තු 9,10,11 ලයනල් වෙන්ඩ්ට් හිදී

Next Post

හොරකමකට කියා අහිංසකයෙක් අත් අඩංගුවට අරන් කෙලින් ඉන්න බැරිවෙනකම් ගහලා… පස්සේ සොරි වැරදිමක් කියලා ගෙදර එවලා… ගුටි කෑ තරුණයා හම්බන්තොට රෝහලේ… තිස්සමහාරාම පොලිසියේ පොලිස් වික්‍රමයක්!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.