fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙළිකොප්ටරෙන් වන්දනාවෙ ආපු අගමැති  අනුරාධපුරයේ දී  හූ කෑ විත්තියේ මුල මැද අග…

සති 3ක් ago
in පුවත්
669 7
0
Share on FacebookShare on Twitter

අනුරාධපුර විශේෂ –

මිනිස්සු තෙල් පෝලිම්වලය. බඩට බත් ඇටයක් නැතිව හාමතේය. ඒ මිනිස්සුන්ගේ ඔළුවලට උඩින් අගමැති මහින්ද රාජපක්ෂ අටමස්ථානය වඳින්නට කොළඹ සිට හෙළිකොප්ටරයෙන් අනුරාධපුරයට ආවේය.

අනුරාධපුරයේ මිනිස්සු අටමස්ථානයට වඳින්නට ගිය අගමැතිට හූ කීහ. හොඳටෝම හූ කීහ. අගමැතිවරයා  පැමිණි ලජ්ජාවට වන්දනාව කරගෙන ආ පයින් කොළඹ ආවේය.

මේ ඒ කාතාවය.

අගමැති අනුරාධපුරයට ආවේය. ඒ හෙළිකොප්ටරයෙනි.  අද  (08) පෙරවරු 7.50 ට පමණ හෙලිකොප්ටර්  අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගොඩබෑවේය.

අගමැතිවරයා අටමස්ථාන භූමියට ආවේ පෙරවරු  8.10 ට පමණය. ඔහු අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක්කේය.  ලොකු හාමුදුරුවෝ අගමැති තුමාට ආශීර්වාද කළහ. අනතුරුව ඔහු   උඩ මළුවට ගොස් ජය ශ්‍රී මහා බෝසමිදුන් වැද පුදා  ගත්තේය.

මේ අවස්ථාවේ දී එම ස්ථානයේ සිටියේ බැතිමතුන්ය. අගමැති ඔවුන් අතරින් ඇවිද ගියේය. මේ සාමාන්‍ය මිනිස්සු අතර ජය සිරිමහා හාමුදුරුවන් වැඩ සිටින පහත මළුවේ  සිටි පුද්ගලයෙක් මුලින්ම අගමැතිවරයාට මුහුණටම සිය විරෝධය පල කළේය.

අනතුරුව පෙරහර මාවත අසලට පැමිනෙන විට එහි සිටි අයෙක් ද අගමැතිවරයාට අසලට ගොස් ඔහුට විරෝධය පල කළේය.

එම විරෝධය සහිතවම අගමැතිවරයා  රුවන්වැලි සෑයට ගියේය.  ප්‍රථමයෙන් ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක්කේය. හාමුදුරුවෝ  අගමැතිට ආශීර්වාද කළහ.

මේ වනවිට අගමැති අටමස්ථානයට පැමිණ ඇති බව අනුරාධපුරයේ ගෝඨාගෝගම කලාපයට දැගන්නට ලැබී තිබිණි.  එහි උද්ඝෝෂකයෝ හැකි අයුරින් එම පණිවිඩය හතර අතේ බෙදූහ.  ආරංචියට මිනිස්සු විරෝධතා පුවරුත් සහිතව රුවන්වැලි සෑයේ රථ ගාල අසලට එක් රොක් වෙමින් සිටියහ.

සෑ රදුන් වන්දනා කළ අගැමති වරයා පිටත් වන්නට සැරසුනේය.  අගමැති  රථගාලට එන විට එකම හූවය.    රුවන්වැලිසෑයේ රථ ගාලේ මොහොතකින් ප්‍රබලා  විරෝධතාවයකි.  රැස්ව සිටි පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කොට හූ කියමින්  විරෝධය පළකරන්නට වූහ.

අගමැති ආරක්ෂකයින් සිටියේ නිරුත්තරවය.   ඔවුන් වහාම  ක්‍රියාත්මක වී හූ හඩ මධ්‍යයේ අගමැති එම ස්ථානයෙන් ඉවත් කරගත්හ.  විරෝධතාවය දරාගෙන අගමැති ගියේ   මිරිසවැටිය විහාරස්ථානයටය.

පිරිස එකා දෙන්නා එකතු වූහ. විරෝධතා කරුවෝ හූ කියමින් අගමැති සහ ප්‍රභූ ආරක්ෂක රථ පසුපස හඹා ගියහ.

අග්‍රාමාත්‍යවරයා   මිරිසවැටිය විහාරස්ථානය වෙත ඇතුලුවීමත් සමග මිරිසවැටිය රථ ගාලා විරෝධතා භූමියක් විය. මිනිස්සු  විවිධ වැකි සඳහන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය  කරමින් අග්‍රාමාත්‍යවරයාට විරෝධය කරමින් සිටියහ.

මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන්ය.  උන්වහන්සේලා අපේ මල්වතු මහා නායක හාමුදරුවන්ට වඩා බොහෝම වෙනස්ය.  මිනිස්සුන්ගේ විරෝධතාව හූ හඬ මැද්දේ පැමිණි    අග්‍රාමාත්‍යවරයා පිළිගෙන සාද කතා පවත්වා ආශීර්වාද කර  මිරිසවැටිය වැන්දවූහ.

මිනිස්සු එකම පහත රථගාලේ විරෝධතාවයකය.    අගමැතිවරයා එනකොට අනුරාධපුරයේ තිබූ  කැටයම් සියල්ල අහෝසිය.  මිරිසවැටියෙන් හූ හඬ මැද පිටවූ අගමැති කෙළින්ම නැවතුනේ  ගුවන් හමුදා කදවුරේය.   ශ්‍රී ලංකා ගුවන් හමුදාවට  අයත් හෙලිකොප්ටර් යානයෙන්ම පෙරවරු 10.25 ට පමණ අගමැති කොළඹ ආවේය.

Former president & current prime minister @PresRajapaksa was hooted off by people in Anuradhapura. He was the most respected & admired member of the Rajapaksa family.#lka #SriLanka #GoHomeRajapakshas #GoHomeMahinda #SriLankaProtests #SriLankaCrisis #පන්නමු pic.twitter.com/sWA3NOMArw

— Prasad Welikumbura (@Welikumbura) May 8, 2022

 

කොළඹ පැමිණි බව නොදත්  මිනිස්සු ඔහු එතැයි විශ්වාස කළ තැන්වල බැනර් පුවරු සහිතව විරෝධතා සඳහා එක් රැස්වෙමින් සිටියහ. එසේ විශ්වාසකළ එක් තැනක් වූයේ අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ ඥානක්කාගේ දේවාලය ය.

පිරිසක් විරෝධතා පුවරු රැගෙන කෙලින්ම ගොස් සිටියේ ඥානක්කාගේ දේවාලය ඉදිරියටය.  පුවරු ප්‍රදර්ශනය කරමින් එහි රැදී  විරෝධතා දැක්වූ  පිරිස අග්‍රාමාත්‍යවරයා වන්දනාව බාගෙට දමා   කොළඹ   ගිය බව දැන ගැනීමට ලැබීමත් සමග   විරෝධතාවය  නිමා කර ගෙවල්වලට ගියේය.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දුටුගැමුණුට වඩා පොඩ්ඩක් පහළන් ඔසවා තැබූ තැන අනුරාධපුරය ය. රුවන්වැලි සෑ රදුන්ට පොඩ්ඩක් පොඩියට සඳහිරු සෑය හදා දුටුගැමුණු ගාවින්ම හිටගන්නට හැදූ භූමියේ  දී ඔහු  මේ තරම් ඉක්මනින් කුජීත වනු ඇතැයි මේ ලියන මා වත් කියවන ඔබවත් කල්පනා කර තිබුණේ නැත.

සුදුසුකාලයේ දී නියමිත පරිත්‍යාගය කරන්නට අසමත් බලලෝභී මිනිස්සුන්ගේ සැබෑ පෞරුෂය එළි දැක නිරුවත්වන විට සිදුවන දේ අගමැතිවරයා විෂයෙහි සිදුවෙමින් ඇත්තේය.

“අනේ හප්පේ… කොහොමට ඉන්න හිටිය මනුස්සයෙක් ද?“ හූ හඬ මැද යන අගමැති දකිමින් වියපත් ආච්චි අම්මා කෙනෙක් මූණට අත තියාගෙන කියනු අසාගෙන සිටියෙමි.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

කඳුළු ගෑස් ගහන්න එපා – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

Next Post

ඒ අගමැති මා ද කියා මා වත් තව දන්නෙ නෑ – කරූ ජයසූරිය

Related Posts

death

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

මැයි 29, 2022

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

මැයි 29, 2022

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

මැයි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!
  • අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…
  • අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!
  • “අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

    210 shares
    Share 84 Tweet 53

Highlights

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

“සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…

අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ත්‍රී රෝද සහ යතුරුපැදිවලට ඔක්ටේන් 95 නෑ… ගහන්න පුලුවන් 92 විතරයි…

අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

death

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

by editor
මැයි 29, 2022
0

දිනසේන රතුගමගේ - යාපනයේ  වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ...

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

by editor
මැයි 29, 2022
0

ලලිත් චාමින්ද - මෙවර  අ.පො.ස සාපෙළ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist