සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙරොයින් සමග අත් අඩංගුවට ගත් කුඩුවලට ඇබ්බැහි වූ තරුණ විහාරාධිපති හිමි නමක් බන්ධනාගාරගත කර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරකට යොමු කිරීමට අධිකරණය නියෝග කරයි!

by editor
අගෝස්තු 14, 2025
in පුවත්
robe
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

හෙරොයින් මිලි ග්‍රෑම් 240ක් සමග අත් අඩංගුවට ගත් මත් කුඩු පානයට ඇබ්බැහි වූ තරුණ විහාරාධිපති හිමිනමක් ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාරය හරහා මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමුකර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරකට යොමු කර පුනරුත්ථාපනය කරන ලෙස අද (14)  පොළොන්නරුව මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් නියෝග කළාය.

මෙසේ බන්ධනාගාරගත කර මනෝ වෛද්‍යවරයෙක් හරහා මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත්තේ පුලතිස්ගම, කෑගළුගම ශ්‍රී නාලන්දාරාමයේ විහාරාධිපති ධූරය දරමින් සිටි කුසුම්පොකුණේ සීලවිමල නැමැති චීවර ධාරියෙකි.

31 හැවිරිදි මෙම හිමිනම මත් කුඩු පානයට ඇබ්බැහි වී සිටින බව දායක සභාව ද දැනගෙන සිට ඇති අතර දායක සභාව විටින් විට හිමි නමගෙන් මෙම දුරාචාරයෙන් වැළකී සිටින ලෙස කළ ඉල්ලීම ද ඔහු විසින් දිගින් දිගටම නොසලකා හැර ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධව දායක සභාව විසින් ද පොලිසිය දැනුම්වත් කර ඇත්තේ ඉන් අනතුරුවය. මේ තොරතුරු ඔස්සේ පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මෙහෙයුමක් දියත් කර ඇත. එම මෙහෙයුමේ දී හිමිනමගේ ඇනවුමකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය – කළහගල මාර්ගයේ තැනක සඟවා තැබු මත් කුඩු මිලි ග්‍රෑම් 240ක කුඩා පැකට්ටුවක් සඟවා තැබූ තැනින් ගන්නා විට විමර්ශන අංශ මෙම හිමිනම සහ තවත් පුද්ගලයෙක් අද (14) අත් අඩංගුවට ගෙන තිබේ. 31 වයසැති හිමිනම සමග අත් අඩංගුවට ගෙන ඇති අනෙක් පුද්ගලයා පොළොන්නරුව පලුගස්දමන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 වයසැති පුද්ගලයෙකි.

මෙම පුද්ගලයන් දෙදෙනා දීර්ඝ කාලයක සිටි හෙරොයින් මත්ද්‍රවලට ඇබ්බැහි වී සිටින්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර අප කළ විමසීමකදී සඳහන් කළේය.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග, පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ජේ.කේ. ජාගොඩගේ උපදෙස් මත, පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර, පොලිස් සැරයන් 42229, 71997අනිල්, පොලිස් කොස්තාපල්, 82748 සඳකැලුම්, 88883 ලක්මාල්, 609 සමන්මදු යන පොලිස් නිලධාරීහු මෙම වැටලීම් සිදුකළහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය බිඳ දමා අගමැතිට ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ අභියෝග කළ මුල්ම අවස්ථා දුටුවා… හරිනම් වසන්ත සමරසිංහ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතුයි… නවීන් කියයි!

Next Post

වියදම් ඉතිරි කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන සොදන සේදුම් කාරක ද්‍රව්‍ය නිකුත් කිරීමත් නවත්තලා…

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.