ඊ.ඒ.පී මාධ්‍ය ජාලයේ වර්තමාන හිමිකරු වන බ්‍රිතාන්‍යයේ ලයිකා ව්‍යාපාර සමූහයේ හිමිකරු සුබාෂ්කරන් අලිරාජ් පසුගියදා ශ්‍රි ලංකාවට පැමිණි අවස්ථාවේ හිර භාරයෙන් නිදහස් වූ දෙමළ රැඳවියන්ට කොළඹ තරු පහේ හෝටලයක සුපිරි රාත්‍රී භෝජනයක් සමඟ ඔවුන් ගේ ඉදිරි ජීවන කටයුතු සඳහා මූල්‍යාධාර පිරිනමා ඇති බව වාර්තා වේ.
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ තීරු ලිපියක මේ පිළිබඳව සඳහන්ව ඇති අතර අලිරාජ් දකුණු ඉන්දියාවේ චිත්‍රපට දෙකක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමට පැමිණි මොහොතේ කෙටි සංචාරයක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණ ඇති අතර එම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද හමුව ඇති බව එම පුවත් පත වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය යේ ජීවත් වන අලිරාජ් ශ්‍රි ලංකාවේ උතුරුකරයේ ඉපිද පසුගිය යුධ සමයේ බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ පවුලක සාමාජිකයෙකි.
මේ වනවිට ලයිකා මොබයිල් ඇතුළු සමාගම් රැසක හිමිකාරීත්වයක් දක්වා දියුණු වූ ඔහු ඉන්දීය චිත්‍රපට කිහිපයක්ද නිෂ්පාදනය කර ඇත.
පසුගියදා ඔහු චෙන්නායි නුවරට පැමිණ ඇත්තේ සුපිරි ඉන්දිය නලු රජිනි කාන්තා සමඟ චිත්‍රපට දෙකක් සඳහා ගිවිසුම අත්සන් කිරීමට බව වාර්තා වේ.
ඔහු ජනාධිපතිවරයා සමඟ හමුවේදි ශ්‍රි ලංකාවට ආයෝජන රැගෙන ඒම පිළිබඳ ව සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.







