සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීම පක්ෂ නායකත්වය විසින් ප්‍රතික්ෂේප කළ බවත් ඇය සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකාව ලෙස තවදුරටත් කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් රන්ජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය ඉවත්වීම පිළිබඳව දන්වා ඇතත් එම ලිපිය පිළිගැනීමට පක්ෂය සූදානම් නැති බවය.
“අපි ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ලෙස දිගටම කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා. ඇය ඊට එකඟ වී තිබෙනවා. ඒ අතරම ප්‍රේමචන්ද්‍ර මහත්මියට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී සමගි වනිතා බලවේගයේ කටයුතු කිරීමට නොහැකි වුවහොත් එම කටයුතු අධීක්ෂණය කිරීමට පක්ෂයේ කාන්තා අංශයේ තවත් කාන්තා සාමාජිකාවන් සිටිනවා. ඇය අපේක්ෂකයකු බැවින් කොළඹ දිස්ත්‍රික්කය කෙරෙහි අවධානය යොමු කිරීමට පක්ෂය ඇයට ඉඩ දීලා තියෙන්නේ…” ඔහු පැවසීය.
රන්ජිත් මද්දුම බණ්ඩාර වැඩිදුරටත් පැවසුවේ ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ පසුබෑම සම්බන්ධයෙන් පක්ෂයේ කිසිවකු සංවිධායකවරුන්ට දොස් පවරා නොමැති බවය.







