හිඳගල රජ මහා විහාරයේ වැඩ වාසී 17 හැවිරිදි තරුණ හිමිනමකට යම් පුද්ගලයෙක් විසින් වස පොවා ඇලකට තල්ලු කර සිටිය දී සොයාගෙන පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත අසාධ්‍ය තත්ත්වයෙන් ඇතුළත් කර තිබේ.
අද උදෑසන 10.30ට පමණ රෝහල්ගත කළ මෙම හිමියන් මේ වනවිට උන්වහන්සේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.
මේ බිහිසුණු ඉරණමට මුහුණ දී ඇත්තේ අත්තරගම ධම්මරතන නම් තරුණ හිමිනමකි. වස පෙවීමේ සිද්ධියට හිමිනමක් ද සම්බන්ධ දැයි සැකයක් මතු වී තිබේ.
පේරාදෙණිය පොලිිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







