බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිතූමතේ කළ ජල විදුලි නිශ්පාදනයේ ප්‍රතිඵල ඉක්මනින් නිකුත් වේ… නුවර පිරිසකට බොන්න වතුර නෑ!

by editor
පෙබරවාරි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජල කළමනාකරණයේ මූලික සිද්ධාන්ත නොසලකා හැර ජල විදුලිය නිශ්පාදනය වෙනුවෙන් අක්‍රමවත්ව ජලය මුදා හැරීමෙන් අපේක්ෂා කළ අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස නුවර ප්‍රදේශ කීපයක ජල සැපයුම පසුගිය 02 දා සිට අත්හිටුවා ඇති බව වාර්තා වේ.  කිසිම දැනුම් දීමකින් තොරව මේ ජල සැපයුම අත්හිටුවා ඇතැයි  ප්‍රදේශවාසීහු කියති.

මේ මූලික පානීය ජල ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවී ඇත්තේ බලගොල්ල ජල පවිත්‍රාගාරයෙන් බෙදා හරින ජලය භාවිත කරන කුණ්ඩසාලේ, බලගොල්ල සහ පල්ලකැලේ ප්‍රදේශවල ජනතාවටය.

මූලික වශයෙන්  විදුලි ජනන කටයුතු සඳහා අවිධිමත්ව ජලය මුදා හැරීම  නිසා  ජල මට්ටම අඩුවී බලගොල්ල පොම්පාගාරයට පොල්ගොල්ලෙන් ජලය සැපයීමට නොහැකි වී ඇති බව පැවසේ.

බලගොල්ල ජල පවිත්‍රාගාරයෙන් පවිත්‍ර කර දෛනිකව බෙදා හරිනු ලබන ජල ධාරිතාව  ගණ මීටර 12000යි. එම ජලය පවිත්‍රාගාරයට  පොම්ප කරනු ලබන්නේ   පොල්ගොල්ලෙනි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජල මට්ටම අඩු වීම නිසා රොන්මඩවලට ජල පෙරණ කැපී යෑම හේතුවෙන් ජල සැපයුම් අත්හිටුවා ඇති බවත්,  ජල පවිත්‍රාගාරයේ ඇති වී තිබෙන තත්වය යථාවත් කිරීම සඳහා මේ වනවිට හමුදාව යොදවා ඇති බවත් වාර්තා වේ.

මේ පිළිබඳව කළ විමසීමක දී ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු කළමණාකාර එස්.මීගොඩ පැවසුවේ පොල්ගොල්ලේ ජලමට්ටම පහළ යෑම නිසා දෛනිකව අවශ්‍ය ජලය ඝණ මීටර 12000 වෙනුවට දැනට ලබා ගත හැක්කේ ඝණ මීටර 5000ක් පමණක් බවය.

මෙවැනි තත්වයක් සාමාන්‍ය තත්ව යටතේ ඇතිවන්නේ    අප්‍රේල් මස ආසන්නවන විට බවද ඔහු කීවේය.

ජල කළමනාකරණයේ ප්‍රමුඛතාවයේ මුල් තැන ගන්නේ පානීය ජලය ලබා දීම බවත්, දෙවැනි ස්ථානය ගොවිතැන් සඳහා ජලය නිකුත් කිරීම බවත් ජල විදුලි නිශ්පාදනය ඇත්තේ ප්‍රමුඛතා ලයිස්තුවේ  තුන්වන ස්ථානයට බවත්  ජල කළමනාකරණ අංශ පෙන්වා දෙයි.

සිඳි ගිය පොලිගොල්ලේ තත්ත්වය… ජලපවිත්‍රාගාරය පවිත්‍ර කරන අයුරු…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගෙන්වූ කඩදාසි නිදහස් කරගන්න ඩොලර් නෑ…. මුද්‍රණ දෙපාර්තමේන්තුවත් කොට උඩ යන ලකුණු!

Next Post

කලාපීය අවුල අවුලවන කාශ්මීර සහයෝගිතා දවස

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.