පොලිස්පති ඩී.සී. වික්‍රමරත්නට හතරවන සේවා දිගුවත් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්දේශ කර තිබේ.
පොලිස්පති පුටුව සඳහා පොලිසිය තුළ නිර්මාණය වී ඇති තියුණු බලපොරය විසඳීම සඳහා කල් ගැනීමක් ලෙස ජනාධිපතිවරයා මෙම තීන්දුවට ගොස් ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස්පතිවරයාට සති 3ක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවය.