මනම්පිටිය – නිමල් ජයරත්න –
පොලොන්නරුව සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ඇතුලු වී මසුන් ඇල්ලීමට සැකපිට සමගි ජන බල වේගයේ හිටපු පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සිඩ්නි ජයරත්න ඇතුලු මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි පහලොස් දෙනෙකු අද සවස 6 ට පමණ අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකය පවසයි.
පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කීර්ති චන්ද්‍රරත්න ගේ උපදෙස් මත පොලොන්නරුව, සෝමාවතිය , මනම්පිටිය යන වනජීවී කාර්යාලවල නිලධාරින් මෙම වැටලීම සිදුකර ඇත.
ඒ සඳහා අරලගංවිල විශේෂ කාර්ය බලකායේ සහයද හිමි වු බව වැටලීමට එක්වු වනජීවි නිලධාරිහු පැවසුහ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් ඇප මත නිදහස් කර ඉදිරි දිනකදි අධිකරණ ක්‍රියා මාර්ග සඳහා යොමු කිරීමට නියමිත බව පොලොන්නරුව වනජිවි අඩවි සහකාර එස්.ඒ.වික්‍රමරත්න කීය.