කටුස්සන්ගෙ කරේ රත්තරන් බැන්ද විට අං එන බවට වූ කතාව හරියටම ගැලපෙන්නේ ජගත් කුමාර මන්ත්‍රීවරයාට බවත් ඔහුත් එසේ අං පැමිණි කටුස්සෙක් බවත් අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේය.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (17) පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර විසින් ගාමිණී ලොකුගේ සහ සරත් වීරසේකර අමාත්‍යවරුන්ට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමිනි.
“එහිදී ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා මෙසේ ද කීවේය.“
“කටුස්සන්ට රත්තරන් බැන්දම අං එනවා කියලා කතාවක් තියනවනෙ. ජගත් කුමාර මන්ත්‍රීවරයාත් එහෙම අං ආපු කෙනෙක්. නැතිව එතුමයි මමයි අතර කිසිම ගැටුමක් තිබුණෙ නෑ.“
“මම කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කෙනෙක් හැටියට 1983 ඉඳන් අද වෙනකම් ඉන්නවා. සෑම මැතිවරණයකින්ම ජයග්‍රහණය කරලයි මම ඇවිත් තිබෙන්නේ. “
“එතුමා සරත් වීරසේකර මැතිතුමාට දොස් කියලා තිබුණා. සරත් වීරසේකර මහත්තයා එක්ක එකට වාඩි වෙලා මේකට මම උත්තර දෙනවා. “
“ එතකොට සරත් වීරසේකර මහත්තයාට පුලුවන් පොලිස් නිලධාරියෙක් මාරු කරන විදිහ ගැන පිලි ගොනුත් එක්ක කතා කරන්න. මට කියන්න තියෙන්නෙ එක දෙයයි. මට ජගත් කුමාර ගැන කණගාටුයි.
“ඔයවගේ අය මම ජීවිතේ ඕන තරම් දැකලා තියනවා. ඒ අය ඉක්මනින් ගෙදර යනවා.“