වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් ඊයේ (26) තහනමක් පනවා ඇත. අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් ඇනටන් ජේ. බ්ලින්කන්ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ මේ බව සදහන් කර ඇත.
යුද ගැටුම් පැවති සමයේ එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමේ දී මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ වසන්ත කරන්නාගොඩට එම තහනම පනවා ඇති බව එහි සදහන් වේ. වසන්ත කරන්නාගොඩ සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩට තහනම පනවා ඇත.
රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ මගින් ලේඛනගත කර ඇති ආකාරයට වසන්ත කරන්නාගොඩ බරපතළ මානව හිමිකම් කඩකිරීමක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාව බරපතළ සහ විශ්වසනීයය බවත් එම නිවේදනයේ සදහන් කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදය ක්‍රියාවට නංවන මෙම ක්‍රියාව මගින් එක්සත් ජනපදය මානව හිමිකම් ආරක්ෂා කිරීම, මානව හිමිකම් කඩකරන්නන් සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීම, වින්දිතයන් සහ දිවි ගලවා ගත් අයගේ දුක් වේදනා පිළිගැනීම සහ ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන සිය කැපවීම යලි තහවුරු කරන බවද එහි සදහන් වේ.